Tuesday, February 15, 2011

ම්ගේ කුළුඳුල් පරිවර්ථනය දොරට වැඩි වගයි...

 
මේ දවස එනකං මං ඇඟිලි ගනිමිනුයි බලා හිටියෙ. ඒ දවස අද උදා උනා. නමුත් අද දවසම මෙහාට විදුලිබලය තිබ්බෙ නෑ. දැන් තමයි සැපයුම ලැබුනෙ. ඒ ලැබිච්ච ගමන් කෙලින්ම ගියේ 'බයිස්කෝප් සිංහලෙන්' සයිට් එකට. එතකොට දකින්න ලැබුන දේ දකින්න තමයි මං බලාගෙන හිටියෙ. 

මේ කතාව පටන්ගත්තෙ මීට මාස තුන හමාරකට විතර එහා දවසක. www.baiscopelk.com ලගෙ කෘතහස්ථ කටයුත්ත දැකල මටත් හිතුන ඒ සඳහා අංශු මාත්‍රයකින් හරි දායක වෙන්න ඕනෙ කියල. ඉතින් මාත් තීරනය කලා චිත්‍රපටයකට සිංහල උපසිරැසි සම්පාදනය කරල දෙන්න.

මේකට ඉතින් මොන චිත්‍රපටයද තෝරාගන්නෙ කියල කල්පනා කරනකොට මට මුලින්ම හිතුනෙ Will Smith වගේ කට පුරා කුනුහරප කියන නළුවෙක් රඟපාන චිත්‍රපටකට සිංහල උපසිරස දාන්න ඕනෙ කියල, මොකද සිංහලෙන් කුනුහරප කියද්දි මාර ගැම්මක් නෙ හිතට, ගතට එන්නෙ... :)  ඒත් මේක මගේ පළමු පරිවර්ථන කෘතිය නිසා පුදනකොටම කාපි යකා කියල එහෙම දෙයක් කරන එකත් හොඳනෑ කියල හිත හිත ඉද්දි රූපවාහිණී වැඩසටහන්ක් මගේ නෙත ගැටුනා.

ඒකෙ හිටියෙ මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිනිය. එතුමිය සිය ජීවන අද්දැකීම තුලින් වර්ථමාන තරුණ පරපුරට කිසියම් උපදේශනාත්මක වැඩසටහනකුයි කලේ. ඒ අතරෙ ඇය To Sir, with Love කියන චිත්‍රපටය ගැන සඳහන් කලා, මාත් ඉතින් චුල්ල සිටුතුමාගේ බස් ඇසූ චුල්ලන්තේවාසික වගේ මේ චිත්‍රපටය මොකක්ද කියල එවෙලෙම බාලම බැලුව. පැරණි චිත්‍රපටයක් උනත් බැලින්නම් මේකෙ ගැබ්වෙලා තියන අදහස කාලත්‍රයටම අකාලිකව ගැලපෙනව. මම එවේලෙම හිතාගත්ත මේකට සිංහල උපසිරැසි සකස් කලොත් වැඩි දෙනෙක්ගෙ යහපත සඳහාම ඒක හේතුවෙනව, හුදු හාස්‍ය රසයක් පමනක් බෙදාගන්නවට වැඩිය කියල.

ඉතින් මං වැඩේ පටන්ගෙන මාස දෙකක් තිස්සේ සිංහල යුනිකෝඩ් පේලි එක්දහස් දෙසිය දාහතරක් ටයිප් කරල මගේ අරමුණ කරා ලඟා උනා. ඊට පස්සෙ අවසන් කරපු උපසිරැසි www.baiscopelk.com එකට භාරදුන්න දැනට සති දෙකකට විතර කලින්. එදා ඉඳල මං ඇඟිලි ගනිමිනුයි හිටියෙ මගේ කුළුඳුල් කෘතිය www.baiscopelk.com තුලින් එලිදකින තුරු. මොකද ඒයාල දවසකට එක චිත්‍රපටය බැගින් නෙ දාන්නෙ.

ඔන්න ඒ දවස අද උදාඋනා. මට හරිම සතුටක් ඇති උනේ මගේ කුළුඳුල් පරිවර්ථන කෘතිය මේ ආකාරයට www.baiscopelk.com ඵල කරල තිබුන දැක්කහම, ඒ වගේම ගොඩක් අය මේ චිත්‍රපටය බලල දාල තියන කමෙන්ට් දැක්කහම. ඒ සතුට කවදාවත් කීයකටවත් මිලදීගන්න බැරි අමිල හැඟීමක්. එවන් මහඟු අවස්ථාවක් මට ලබාදුන් www.baiscopelk.com එකේ වාසල සොහොයුරා ඇතුළු කාර්යමණ්ඩලයටත්, චිත්‍රපටය සම්භන්ධයෙන් ඉතා කදිම අටුවාවක් සකසා දුන් උදා සොහොයුරාටත්, මේ චිත්‍රපටය නැරඹා comment ලබාදුන්,නොදුන් සෑම සහෝදර සහෝදරියකටමත් මගේ භක්තිපූර්ව ස්තූතිය පිරිනමමි.

Tuesday, February 8, 2011

මහ වැසි මැදින් ත්‍රිකුණාමලයට...


ඊයේ ත්‍රිකුණාමලය නගරයට යෑමට යෙදී තිබුනා. පසුගිය දින කිහිපය පුරාම ඇදහැලෙන ධාරානිපාත වර්ශාව නිසා මාර්ගය ඉතා අබලන් වෙලයි තිබුනෙ. අප යන විටත් තඹලගමුව ප්‍රදේශය ජලයෙන් යටවෙලයි තිබුනෙ. වැස්ස නම් නොකඩවාම ඇදහැලුනා. ඉබ්බාගමුව සිට ඕමාරගොල්ල, ගලේවෙල දක්වාත් මාර්ගයට වැස්සෙන් හානි වෙලා. දඹුල්ල සිට කන්තලේ වැව දක්වා මාර්ගයට හානියක් වෙලා නෑ. කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වාම මාර්ගය ඉතාම අබලන් වෙලා. සමහර ස්ථාන වලින් මෝටර් රථ වැනි උස නැති වාහන වලට ගමන් කරන්නත් බැරි තරම්. නමුත් බස් රථ නම් ධාවනය වෙනව. මේ ගමනෙදි ගත්ත ඡායාරූප පෙලක් තමයි මේ.

කන්තලේ වැව පිරී ඇති අයුරු

කන්තලේ වැව

කන්තලේ ජල පවිත්‍රාගාරය

ගස් වල කරටියටම වතුර

මේ ගහත් යටවෙලා
වැස්සෙන් පාර හොඳටම අබලන් වෙලා. සමහර බෝක්කු කැඩිල, ගිලාබැහැල. වාහන ධාවනයට බොහොම භාධා ඇතිවෙලා. සමහර වාහන ඒ අතරෙ අනතුරු වලටත් පත්වෙලා.
ලෝඩ් එක එක්ක වලකට වැටුන ලොරියේ දුනු මිටියක් කැඩිල

ගොඩගන්න විදියක් නැති හැඩයි

A6 ප්‍රධාන මාර්ගය

දිගටම පාර මෙහෙමයි

බස් එකට නම් ගියෑකි


අපිත් ගොඩවුනා

බෝක්කුව කැඩිල

මාර්ගය දෙපස ජලයෙන් යටවෙලා

වැලි කොට්ට දාල පාර බේරගන්න

















































වලවල් ඉවරයක් නෑ












තඹලගමුව ප්‍රදේශය

නිවාසත් ජලයෙන් යටවෙලා

පාර දෙපැත්තෙම වතුර








































අපි ගිය වාහනේ

ත්‍රී.මලේ ෆයිනස් වැවූ වෙර උද්‍යානය

ෆයිනස් ගස් අතරින් මහ මුහුද

ත්‍රිකුණාමලය මුහුද

ත්‍රිකුණාමලය මුහුද

ත්‍රිකුණාමලය මුහුද












































































අපේ TOYOTA HILUX 107 4X4 රථය කන්තලේ වැව් බැම්ම උඩ ඉඳන්














අපි ගියේ 4X4 වාහනයක නිසා ගමන එච්චර දුශ්කර උනේ නෑ. නමුත් මේ පලාත් වල සාමාන්‍ය ගමනාගමනය බොහෝදුරට අඩාල වෙලා. ජන ජීවිතයත් අඩාල වෙලා. ඉතින් මේ අවුල් වුන ජන ජීවිතය යලි නගා සිටුවන්නට ඒ වගේම අබලන් වූ මාර්ගයන් යලි පිලිසකර කිරීමට අපට හැකි අයුරින් දායක වෙමු.

Wednesday, February 2, 2011

මේ සිංහල අපගෙ රටයි!

ශ්‍රී ලංකාව සිංහලයින්ගේ නිජබිමයි. එමෙන්ම ලෝකයේ ඇති සිංහලයින්ගේ එකම නිජබිමත් ශ්‍රී ලංකාව පමණමය. එම නිසා සිංහලයින්ට තම එකම මාතෘ භූමිය රැක ගැනීම සඳහා සිය උර මත රැඳුණු භාරධූර වගකීමක්, ඒ සඳහා අයිතියක් හා සියල්ලටම වඩා ඉමහත් වගකීමක් ඇත්තේමය. මන්ද යත් ඔබ අද මේ පය ගසා ඇති බිම ඔබට දිනා දුන්නේ වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, මොනරවිල කැප්පෙටිපොල, හඟුරන්කෙත ඩිංගිරාල, වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවට්තේ ගුණානන්ද නාහිමි ආදී සුවහසක් ගිහි පැවිදි හෙලයන්ගේ රුධිරයෙනුත් ප්‍රාණ වායුවෙනුත් වන බැවිනි. 

හෙලයින් වූ අපගේ සියොලඟ දුවන්නේ ඒ පෙර සිහලුන් මේ බිම වෙනුවෙන් හෙළූ රුධිර ධාරාවයි, මුවඟින් නැඟෙන්නේ ඒ සිහලුන් මේ බිම අපට උරුම කරදීමට අප වෙනුවෙන් හෙළූ ප්‍රාණ වායුවයි. ඉඳින් එසේ දිනාගත් මේ බිම මතු බිහිවන හෙලයින්ටද උරුම කර දීමට අප සැම දිවිහිමියෙන් ක්‍රියාකල යුතුවන්නේ  පෙර හෙලයින් දිවි හිමියෙන් රැකගත් හෙලයින්ට ඇති එකම නිජ බිම, මවු බිම මේ බිම පමණක්ම වන නිසාය. අතීතයේ සිටම මේ පින් බිම වැනසීමට පාන්ඩ්‍ය, කේරල, චෝල, සොලී, පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විවිධ විජාතීන් යත්න දැරුවද ඒ සෑම විටම මේ පින් බිමේ පස් පිඩක් වත් ගිලිහී නොයන්නට රන් වැටක් සේ, දේශයේ මුර දේවතාවන් සේ මේ බිම සුරැකියේ හෙලයින්මය.

වසර දහස් ගනනක් මෙසේ සුරක්ෂිත කර ඔබට මට ජන්ම දායාදයක් ලෙස ලැබුන මේ මව් බිම සුරැකීමේ වගකීම හා යතුකම අප සතු වන්නේමය. හෙලයින්ට, හෙල බිමට විරුද්ධව නැගෙන සියළු බලවේග සුණු විසුණු කිරීමට නොපමාවම පෙලගැසෙමු. වැදූ මවත් දිනූ බිමත් දිවි දෙවැනිකොට සුරකිමු!


නිදහස මහ මුහදක්                  වේ
එහි උල්පත පුත නුඹ                වේ
ඒ බව සිහිකොට මෙලො          වේ
යුතුකම ඉටු කළ යුතු               වේ

තුදුස් වසක් වල් වැදි                 ලා
සිට දෙමළුන් බල බිඳ               ලා
පුරඳුරු සිරි ඇර පා                   ලා
ලක එක සේසත් නඟ               ලා

ජාතික රණ දෙරණ ම             තේ
ගැටී වැටී මළ මොහො            තේ
සුනදර සුරඹුනගේ අ               තේ
නැළවෙන බව සිතනු පු           තේ

අවිචියේ කප් දහසෙ                  ත්
වහල් කමේ එක් දවසෙ             ත්
වෙනසක් නැති බව සිතතො       ත්
උඹට පුතේ වැඩ සැලසෙ           ත්

තමන් ලැබු දිවි පවෙ               තේ
කොටසක් රට සමය වෙ          තේ
පුද නොකළොත් නුඹෙන් පු     තේ
මෙ ලොවට කිසි පලක් නැ       තේ

ජාතිය රන් විමනක්                 වේ
ආගම මිණි පහනක්                 වේ
එය රැක ගන්නට මෙලො         වේ
සමත් වෙතොත් පුත නුඹ          වේ

වැද යුධ බිම නොම බිය              වී
විහාර මහ රජ දේ                      වී
පෑ විමන් සැටි සිහි                      වී
මගේ පුතා ඔද වේ                      වී

සිය රට ගැන ළය උණු               වී
වැද මහ මුහදට බිලි                   වී
ආ ඒ කැළණියේ දේ                  වී
මගේ පුතා නළවා                      වී

සිය රට ගළවමියි සි                 තා
දිවි දුන් සැඬ රුපුන් වෙ            තා
සෝමා දේවිගෙ පුව                 තා
ඉගෙන ගනින් මගේ පු             තා

ලක් වැසියන් කෙරෙහි නැ         මී
අරහත් මහ මිහිඳු හි                  මි
පෙව්වෙ උතුම් සදහම්               මී
පුත නුඹටත් පොවමි එ              මී

එදා පටන් මෙසිරි ල               කේ
සම්මා සම් බුදු මැණි               කේ
දම් එළියෙන් අඳුරු මැ            කේ
මිසදුටු විසකටු නො රැ            කේ