Monday, August 22, 2011

                                               ඉඩෝරය...

නිරුදක මහ පොලොව ඉරිතලා
නිලට දිලුන කෙත්වතු පඬු පැහැ වෙලා
දනන් තුඩ තුඩ රැඳුන හසරැලි සැඟවිලා
සතා සිව්පා කුරුළු කොබෙයි මුළුගැන්විලා
එහෙත්...
දිනිසුරු නැත කිසිත් කරුණා
නුඹ ගැබ නොමැත මේකුළු අරා
නිශාව රජයයි තුරු කැළ නොබා
නල නැති ලොවම නිසලයි සදා 
නවතින්න...
දිනිඳු ඔබැ රුව සඟවාගන්න
මද නල අහසෙ මේකුළු පුරවාලන්න
හැම සතුනගෙම පවස සනහන්න
සොබා දිනිතිය වැසි බිඳක් සලන්න...
-ටී.බී-