ඇතුගල පව්ව එපිටින් රැඳි මේකුළු පව්වකින්
මුළු අහසම එකම යායක්
ලෙසින් දිස්වෙයි අඳුන් තැවරූ මෙන්...
මනු ලොවෙන් දෙව් ලොව සීමාකරනුමෙන්
දිව සළු සදිසි සුදු මිහිදුම් වලා රැලි
මතින් මිණි පබළුවක් මෙන් දිලෙයි ඇතුගල බුදු රුව...
මහපොළොව බොහෝ කල්
බලා හුන් වැසි බිඳක්
අහස් කුස සිසාරා මහපොළොව
සිප ගැනින අසෙනි වැස්සක් විලස...
-ටී.බී-
ලස්සනයි මචන්
ReplyDeleteමෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටැ.කාලෙකට පස්සෙ පොළව තෙමෙන්ට වහිනව.
ReplyDeleteහූ හූ අපිටනං වැස්ස නැතෝ . . . .
ReplyDelete@ Anonymous,
ReplyDeleteහා... හා... අලුත් සිම් එකෙන් වගේ :) ස්තූතියි!
@ නදී,
ReplyDelete"මෙහෙත් හරි වැස්ස, බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙ..." :D
ඔව් බොහෝ කාලෙකින් මහ වැසි වසිනව...
@ ඕනයා,
ReplyDeleteවැසි මොටද කොළඹට - දළු ලන්නද කොන්ක්‍රීට් වනය... :)
ලස්සන අදහසක්.. අපිටත් හරි වැස්ස...
ReplyDeleteහික් හික් . . . මචෝ මම් දැං කොළඹ නෙමේ ඉන්නෙ මාලදිවයිනේ . . . (මේ . . . උඹ බුකියෙ ඉන්නවද??)
ReplyDeleteරෑට වහින වැස්ස තමා ... හොදම.
ReplyDeleteපදවැල ..අගෙයි.
@ Dinesh,
ReplyDeleteබොහොම ස්තූතියි, ඔව් මේ දවස් වල වැස්සනෙ...
@ ඕනයා,
ReplyDeleteආහ්! එහෙමද, හොඳයි හොඳයි... :) (ඔව්... :D)
@ - නිල් අහස -,
ReplyDeleteහික් හික්... ;)
බොහොම ස්තූතියි...
නම දැක්කයින් ආවේ....හී හී
ReplyDeleteඇත්තටම මාරම ලස්සනයි වචන...:DDDDD
@ පබලු,
ReplyDeleteටික දවසකින් නේද මේ පැත්තෙ ආවෙ... :)
බොහොම ස්තූතියි//