Sunday, October 23, 2011

අසෙනි...


ඇතුගල පව්ව එපිටින් රැඳි මේකුළු පව්වකින්
මුළු අහසම එකම යායක්
ලෙසින් දිස්වෙයි අඳුන් තැවරූ මෙන්...
මනු ලොවෙන් දෙව් ලොව සීමාකරනුමෙන්
දිව සළු සදිසි සුදු මිහිදුම් වලා රැලි
මතින් මිණි පබළුවක් මෙන් දිලෙයි ඇතුගල බුදු රුව...
මහපොළොව බොහෝ කල් 
බලා හුන් වැසි බිඳක් 
අහස් කුස සිසාරා මහපොළොව
සිප ගැනින අසෙනි වැස්සක් විලස...
-ටී.බී-