තරමක් ජනාකීර්ණ වූ දුම්රියට ගොඩ උන මම දුම්රිය මැදිරිය තුලින් මද දුරක් ඔබ මොබ ගොස් වඩා යහපත් තැනක් බලා හරි බරි ගැහුනෙමි. දවසේ වැඩ මුරය අවසන් කොට ස්වකීය නිවෙස් බලා ඇදෙන සුවහසක් ජනයාගේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින් ද, විඩාබර මුහුණු වලින් ද දුම්රිය මැදිරිය පිරී තිබෙනු මා දුටුවෙමි. එනමුදු අතරින් පතර නැගෙන සිනහවෙන් ද,ම් කවට කම් වලින් ද පොපියන දෙනෙත් වලින් හා විකසිත වත කමලින් ද එහි අඩුවක් නොවීය.
දුම්රිය මැදිරිය සිසාරා ප්ලවනය වන්නට වූ මගේ අකීකරු නෙත්, එතකුදු නොනැවතී දුම්රිය මැදිරියේ හරස් දොරෙන් මැදිරි ඇමුනුම හරහා ඊලඟ දුම්රිය මැදිරියටත්, එයින් ඊලඟ දුම්රිය මැදිරියටත් වශයෙන් ගොස් තව දුරටත් යා නොහී දුම් රියඑන්ජිම මැදිරිය දක්වා ගොස් මදක් නවතින්නට විය. නැවතත් මා අසලටම මගේ නෙත් පැමිණියේ මගේ ඉහට උඩින් ඇති විදුලි පංකාවේ ස්වරය වෙනස් උන වග මගේ සවනතට වැටහුන නිසාවෙනි.
මදක් විදුලි පංකාව දෙස බලා සිටි මා නැවතත් අරමුණක් නොමැතිව මගේ හිස වෙනතක යොමුකලෙමි. එවර නම් මගේ දෙනයන ඇලවුනේ සුන්දර රුවකය. නිවැරදිවම කිවහොත් සුන්දර යුවතියකගේ රුවක ය. තව ද නෙත පමනක් නොව සිත ද එහිමැ වැදගන්නට විය. ඈ මට පිටුපා මා ඉදිරියේ සමීපවම හුදෙකලාව ගමන් ගන්නට විය.
පුළුල් කර සහිත හැට්ටයක් ඇඳ සිටි ඇගේ පිට මැදට වැටුන කෙල් කළඹ කීකරු ය, ඝනය කළු වන් ය. ඇඟට තද වන ලෙස ඇඳ තිබූ හැට්ටය තුල ඇගේ මාංශ පේෂි මනාව ගොනු වී ඇති අයුරු නිරීක්ෂණය විය. වම් උර බාහුවේ එක් ලපයක් පමණක් දක්නට ලැබුන අතර සමස්ථයක් ලෙස ඇගේ සම පැහැපත් ය එකාකාරය සුමට ය. ඈ කෙතරම් පැහැපත් ද කියතොත්, ඈ ගෙල ලා සිටි රිදී පැහැති මාලයේ දිස්නය ඇගේ ගෙල මත ඡායාවක් මෙන් දිදුලන්නට විය.
මා ඇයව සිතින් ස්ඵර්ශ කලෙමි. ඇය උණුසුම් ය, සිනිඳුය, මෘදුය. ඒ හැඟීම නම් ඉඳුරාම පියකරු ය. මගේ ලෝකය මදකට නතර විය. එනමුදු මේ කිසිවක් ඇය නොදන්නීය. විටින් විට ඈ ඇගේ කෙල් කළඹ අනිච්ඡානුගව මෙන් සකසන්නීය. කඳුකරය දක්වා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය මඟ දෙපස නැවතුම් දෙස නොබලාම වැරෙන් ඉදිරියටම ඇදෙන්නට විය
මා සිහි එලවා ගතිමි,
දිනෙක...
ඇගේ සම රැලි වැටෙනු ඇත,රළු වෙනු ඇත, සැට්ටය තුලා මනාව ගොනු වී ඇති මාංශ පේශීන්, ඒයින් මිදී ගුරුත්වයට අවනත වනු ඇත, එනයින් එහි වූ පැහැපත් බවත් ආකර්ෂණයත් පහව යනු ඇත...
ඇගේ ගෙල බැඳි මාලය මළින වනු ඇත, පිට මැදට වන් ඝණ කළු වරසල අකීකරුව සුදුමැලිව යනු ඇත,
මගේ ඇසේ පෙනීම අඩු වනු ඇත, සිතේ පරිකල්පනය ශක්තිය හීන වනු ඇත,
දුම්රිය ධාවනයෙන් ඉවත් කෙරෙනු ඇත....
දිනෙක...
ඇගේ සම රැලි වැටෙනු ඇත,රළු වෙනු ඇත, සැට්ටය තුලා මනාව ගොනු වී ඇති මාංශ පේශීන්, ඒයින් මිදී ගුරුත්වයට අවනත වනු ඇත, එනයින් එහි වූ පැහැපත් බවත් ආකර්ෂණයත් පහව යනු ඇත...
ඇගේ ගෙල බැඳි මාලය මළින වනු ඇත, පිට මැදට වන් ඝණ කළු වරසල අකීකරුව සුදුමැලිව යනු ඇත,
මගේ ඇසේ පෙනීම අඩු වනු ඇත, සිතේ පරිකල්පනය ශක්තිය හීන වනු ඇත,
දුම්රිය ධාවනයෙන් ඉවත් කෙරෙනු ඇත....
නරියත් මිදී තිත්තයි කියල ඔහොම යන්න ගියාලු ... අපි නොදන්න අනිත්‍ය. :P
ReplyDeleteඋඹ ලස්සනට ලියල තියෙනවා!!!
ReplyDeleteඅපිට අපිත් නැතිනම් ඇස ගැටෙන අරමුණු කෙසේනම් සදාකල් වේවිද?
මෙන්න දැන් ලැබුණු පුවතක් කොලඹ කොටුවේ සිට මහව හන්දිය බල දවන වන දුම්රිය තුල අසන්වරසිලිව කදරකමින් කෙල්ලන් දෙස බලාසිටි අන්න්ගයකුට එම මැදිරිය ගමන් ගත් කාන්තාව පිරිසක් විසින් ඉතා සුහදසිලිව සෙරෙප්පු හා කුඩ වලින් අවවාද කර ඇත. සැයු: මෙහි එන නම ගම මනසේකල්පිතය.
ReplyDeleteබලපංකො ඒකෙත් හැටි . . . . මිදි කන්න ගිය නරියට හිතුනදේමනෙ උඹටත් හිතිල තියෙන්නෙ
ReplyDelete@ Anonymous,
ReplyDeleteමිදි කන්න නම් මෙචර කතන්දර ඕනෙ නෑ නෙ... ;)
@ Anonymous,
ReplyDeleteනමුත් අපි ඒ සත්‍ය අමතක කර, අරමුනට මුලා වෙන අරුමය....?
Anonymous,
ReplyDeleteහික්// අපූරු මනඃකල්පිත කතාව :)
@ ඕනයා,
ReplyDeleteමිදි කන්න ගියා නම් මේ කතන්දර නෑ ;)
හා...හා.... හොරේ දෑනුනා.!!! කාටද මචං හිතගියේ....???
ReplyDelete@ කිෂාන් දමිත් වීරසේකර,
ReplyDeleteහිත කොහෙවත් යන්න කලින් නවත්ත ගත්ත මචන්... :)
මන්දා මේ බ්ලොග් එක පහුගිය ටිකේ අතුරුදහන් වෙලා තිබුනා. පස්සෙ ඕන මැන්ටල් තමා ආයෙක් පාර කිව්වෙ. ටී. බී පිණිබිදුගෙ ලියුමකට කමෙන්ට් කරලා අන්න මං එතනක් මේ ගැන ඇහැව්වා.
ReplyDeleteසමාවෙන්න ඕනෙ සිදුවුන අපහසුතාවයට, මම බ්ලොග් එකේ URL එක පොඩ්ඩක් වෙනස් කලා. පිණි ගෙ ලිපියට දාපු ටීකාවත් දැක්ක.
Deleteඔබේ රථවාහන හා යන්ත්‍ර සූත්‍ර පිළිබඳ ඕනෑම ගැටළුවක් යොමුකරන්න. මෙතනම ලියන්න නැත්නම්, ඊයක් එවන්න... :)
ඔය අනිත්‍ය ස්වභාවය වැඩිවැඩියෙන් මටත් දැනෙන්න අරන්.ලස්සන කෙනෙක් දැක්කම ඔය විදියටම මටත් හිතෙනව.මේ ඔක්කොම සැරසිලි විකාර කියල හිතෙනව.ඒ මේ දවස් වල කියවන පොත් නිසාද මන්දා...
ReplyDelete"බලන් කැඩපත සොඳුරියේ, පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා..."
DeleteThis comment has been removed by the author.
ReplyDelete"විවර කෙරුවා මනස් සලලුන්,
Deleteඋමතු වූ දෙනුවන් රැහැන් ඇද,
මා අබියස මැවුනු තුසිතය,
සුරන් නැලවූ සුයාමය"
"කුමර බඹසර අසපුවේ මා සමවැදී සිටි දැහැන් බිඳුනා.."
Delete