Sunday, June 5, 2011

සිව් මසකට පසු යලිත් ත්‍රිකුණාමලයට...


මං කලින් වතාවෙ ත්‍රිකුණාමලයට යද්දි රටේ හැම තැනටම වැස්සෙන් බොහොම අලාභහානි වෙලා තිබුනෙ. කන්තලේ ඉඳල ත්‍රිකුණාමලය දක්වා මහාමාර්ගයය වාරි මාර්ගයකටත් වඩා අන්ත වෙලා තිබුනෙ. ඕමාරගොල්ල ප්‍රදේශයෙත් මාර්ගය බොහොම අබලන් වෙලයි තිබුනෙ. මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් ගංවතුර නිසා ජලයෙන් යටවෙලයි තිබුනෙ. ඔය සිද්ධිය වෙලා මාස හතරකට විතර පස්සෙ ඊයෙ ආයෙත් හදිස්සියෙම ත්‍රිකුණාමලයෙ ගියා.

ඒ ගමනෙදි අපට දකින්න ලැබුනෙ මීට මාස හතරකට කලින් ගංවතුරෙන් බොහොම අබලන් වෙලා තිබුන මාර්ගය යථා තත්වයට පත් කරල තිබුන ආකාරයයි. එදා දකිද්දි පාරක් ද කියල හොයාගන්නවත් බැරිව තිබුන පාර දැන් කාපට් අතුරා නැවත යථා තත්වයට පත්කරල. නමුත් තවමත් සමහර තැන් ප්‍රතිසංස්කරනය කරමිනුයි තියෙන්නෙ. එදා කන්තලේ ඉඳල ත්‍රිකුණාමලයට ලඟාවෙන්න පැය දෙකක විතර කාලයක් ගත වුනා අබලන් මාර්ගය නිසා. නමුත් අද විනාඩි 45කින් විතර මේ ගමන අවසන් කරන්න පුලුවන්. මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කලාම මේ ගමනට ගතවෙන්නෙ පැය භාගයකටත් අඩු කාලයක්. 

ඒ වගේම කන්තලේ ඉඳල හබරන-දඹුල්ල දක්වා මාර්ගය ඉතාම හොඳයි. වාහනත් අඩුයි, පාරත් කෙලින්. කාටවත් කරදරයක් නැතිව ඇඟේ පතේ හිරි ඇරෙන්න වාහනයක් පදවන්න ඕනෙ නම් ඔන්න පාර :). හදිස්සියෙම ගිය නිසා හොඳ කැමරාවක් අරන් යන්නත් බැරි උනා. පුලුවන් විදියට ඡායා රූප ටිකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.

මුහුදු වෙරලේ සුදු වැලි තලාව
ක්ෂිතිජය


විනිවිද පෙනෙන මුහුදු ජලය

සිප්පිකටු

ඈතින් පේන ත්‍රිකුණාමලය නගරය

දියඹ

රැල්ල මවන සුදු පෙන කැටි

ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

වැල්ලේ රටා මවන රැල්ල

දියට යටින් වැල්ල

පියසටහන්

වැල්ලේ කුරුටු ගී...

මේ අකුරු වලට යටින් දිවෙන කථාව කවුරු දනීද...

සුසුනිදු වැලි තලාව

සුසුනිදු වැලි තලාව

මල හිරු බැසයන යාමයේ

නගරයේ නිදැල්ලේ සැරිසරන මුවෙක්

කලපුවට එපිටින් බැසයන හිරු

කලපුවට එපිටින් බැසයන හිරු

ආපසු ගමන

නගරයේ මාර්ගය

පිලිසකර කල මාර්ගය

තවමත් පිලිසකර කරමින් පවතින මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

ගිය වර ලොරියක් එරී තිබූ ප්‍රදේශයේ මාර්ගය පිලිසකර කර ඇති අයුරු

වේගය

මග දෙපස

මග දෙපස

අග්බෝපුර ප්‍රදේශය

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

ජය පුර ප්‍රදේශය

මග දෙපස


දැන් නම් කළුවර වැටිලා


කන්තලේ වැවට උඩින් පෑයූ අඩසඳ

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගය

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගයේ පවනට බඳු වෙගයෙන් යන ලොරි