මේ වාහනේ අරගන්නකොටම තිබ්බ පාට තමා ඔය. මේ වාහනේ NISSAN SUNNY N-16 වර්ගයේ එකක්. නිශ්පාදන වර්ශය 2001. ඒකෙ පාට වෙනසක් කරපු හැටි තමා අද මං ඉදිරිපත් කරන්නෙ. මේකෙ පාට මේ වාහනේට ගැලපෙන්නෙ නැති තද පාටක්. ඉතින් අපි කල්පනා කරා ඒක පොඩ්ඩක් වෙනස් කරල ගැලපෙන ලා වර්ණයක් යොදන්න. වැඩේ වැඩි කොටසක් අපේ අතින් මයි උනේ. අවශ්‍ය වෘත්තීය නිපුනත්වය ලබා දුන්නෙ, අපි ගාව කාලයක්ම වැඩ කරපු දක්ෂ ලෝහ වැඩ හා පින්තාරු ශිල්පී ධනසිරි අයිය.
ඉස්සරලාම වාහනේ පොඩ්ඩක් ඉස්සරහට අරන් කෑලි ඔක්කොම ගැලෙව්ව. ඒ වැඩේ නම් ඉතින් එච්චර අමාරු උනේ නෑ. උඩ ෆොටෝ එකේ තියන වාහනේ ද මේ කියල හිතෙනව නේද, හැබැයි මේ ඒ වාහනේම තමා. මිනිස්සුන්ගෙ වගේ වාහන වලත් කොටස් කරල ඇතුල බලපුවම ඉතින් ඔහොම තමා. ඊට පස්සෙ එක එක කොටස් තීන්ත ආලේප කරන්න සුදුසු විදියට සූදානම් කලා.
ඊට පස්සෙ තීන්ත ආලේප කරන්න පටන් ගත්ත,
පරීක්ෂා කරල බලල... |
වැඩේ පටන් ගත්ත. |
ඔය තියෙන්නෙ නියමෙට... |
ඊට පස්සෙ කොටසින් කොටස අලුත් වර්ණයෙන් පින්තාරු කළා. පින්තාරු කරන්න ඉස්සරලා අවශ්‍ය ඔප මට්ටම් කරලයි වැඩේ පටන් ගත්තෙ. තින්ත වදින්න අනවශ්‍ය තැන් ආවරණය කරලයි තියෙන්නෙ.
සම්පූර්ණයෙන්ම වර්ණ ගන්වා අවසන්. |
ඔන්න වර්ණ ගන්වන වැඩේ නම් ඉවර කළා. හැබැයි ඉතින් දැන් අර ගලවපු කොටස් ඔක්කොම ආයෙත් තිබුන විදියටම හයිකරන්න ඕනෙ. ඒ වැඩේ නම් ඉතින් සම්පූර්ණයෙන්ම කලේ අපි ම තමා.
පිළිවෙලින් කොටස් සවි කලේ මෙහෙමයි,
ඔක්කොටම ඉස්සරලා අලුතෙන්ම පේන්ට් කරපු වාහනෙන් පොඩි රවුමක් ගියා |
ඇතුල් පැත්තෙ කොටස් මුලින්ම සවිකරන්න පටන්ගත්ත. |
බිම් ඇතිරිලි (Carpet) සහ ඉදිරිපස ආසන සවි කලා. |
පිටුපස ආසනත් සවි කලා. |
පිටිපස්සෙ දොරවල් සවි කලා. |
ඉස්සරහ දොරවල් ඊලඟට සවි කලා. |
දොරවල් නම් හරි, ඊලඟට මූනෙ කොටස්... |
කන් දෙක (Fenders) සවිකලා. |
ඉස්සරහ බම්පර් එකත් සවි කලා. |
ඇස් දෙක වගේ තියන ප්‍රධාන ලයිට් දෙකත් සවිකලා. |
මැද්දට සෙල් එකත් සවි කලා. |
දෙපැත්තෙ සඥා ලාම්පුත් සවි කලා. |
පිටිපස්සෙ වැඩ ටිකත් ඒ අතරෙම කලා. |
පිටිපස්සෙ සඥා ලාම්පුත් සවි කලා. |
පිටිපස්සෙ වැඩ ඉවරයි. |
දොරවල් වල ඇතුල් පැත්ත (upholstering) අමතක වෙලා නෙ. |
ඒවත් සවි කරල දොරවල් සම්පූර්ණ කලා. |
දැන් දොරවල් ඔක්කොම සම්පූර්ණයි. |
ඔන්න බොනට් එකත් සවි කරල වැඩේ ඉවර කලා. |
ෂා නියම විස්තරයක්නේ... සාමාන්‍යයෙන් නිතර ඕව ගැන හෙවිල්ලක් නැති නිසා මෙහෙම කියවනකොට දක්නකොට ගති. මේ වගේ වැඩ තව ලියන්න.
ReplyDeleteදැන් ඕකේ බුබුළු මතු වෙන කාලේ එහෙම කොහොමද. තව ඉතින් ඕකට කරගහන මනුස්සය පස්සෙන් පන්නන පින්තුර ටිකකුත් ඉස්සරහට දාමු ;)
ReplyDelete@ banda
ReplyDeleteමචන් උඹ හිතුවද අපි මේ පුරුදු වෙන්න වාහන පේන්ට් කරනව කියල. ඔනෙ නම් උඹේ කාර් එකත් ගෙනත් දීපන් ඔරිජිනල් පේන්ට් එක ගහල දෙන්න. :D
Dawasen vahanayak paint kala kiyannae baduma thama..ara kiwva vagae bubbles sure
ReplyDelete@blackemnc,
ReplyDeleteමේක මචන් කාර් එකක්, නැවක් නෙවේ... :)
අච්චර පළු කරපු එකෙ චැසි එකෙ මඩ ටිකත් හෙදුව නම් අපුරුයි..
ReplyDelete@ පැන්ඩා
ReplyDeleteආහ්, දඩි බිඩි ගාල කරපු නිසා ඒක එච්චර ගානක් ගියෙ නෑ...
ආපහු හයි කරාට පස්සෙ කෑලි ඉතුරු වුණේ නැද්ද?
ReplyDelete@ Chanaka Aruna Munasinghe
ReplyDeleteසමහර කෑලි මදි උනා(ඇණ නට් එහෙම ), සමහර කෑලි වැඩි උනා. වැඩි උන ඒව මල්ලක දාල පරිස්සමින් තිබ්බ, ඕනෙ උනාම ගන්න. කොහොම උනත් අඩු පාඩු නැතිව වැඩේ සම්පූර්ණ කලා. :D
හික් හික් ........ පැන්ඩගෙ කොමෙන්ටුව තමා නියම.....ඒක නෙවෙයි මල්ලී මේ දවසින් ද පේන්ට් කලේ?
ReplyDelete@ සංජු
ReplyDeleteමඩ හෝදන එක නම් ඉතින් සේවා ස්ථානයෙන් කරනව නෙ. පේන්ට් කරන්න පැය හයක විතර කාලක් තමා ගියෙ.