Wednesday, April 20, 2011

මෙහි රචකයා මා නොවේ.

"කිරි කඳුල...
තබා කිරි කැටි දෙතොල
මගේ වැහැරුණු තනට
යොමා පොඩි නෙතු සඟල
කියන බස දනිමි පුත...


පියා නුඹ මෙමා හැර
සොයා අන් ළඳ පහස
ගිය පසුව වැඩපළේ
සොච්චමින් බඩ රකින
මගේ තන එරේවිද
කෙසේ කිරි නුඹ නමට...


රාගයෙන් වෙලී ගත
එදා කුටියක තනිව
තබා මුව මා ලමැද
ඔහු මදෙස බැලූ සඳ
ඔහුට මිමිනුව වදන
පුතුට කියනෙමි මෙලෙස
අනේ කිරි නැහැ පැටියෝ..."

මෙම නිර්මාණය උපුටා ගත්තේ  Agro Planting Nite 2006 කෘෂිකර්ම පීඨය රුහුණු විශ්ව විද්‍යාලය, නිකුත් කල සමරු කලාපයෙනි. මෙහි රචකයාගේ අනන්‍යතාව එහි සඳහ්න් ව නොතිබුනි. මේ නිර්මාණ යේ සම්පූර්ණ අයිතිය මෙහි අඥාත රචකයා සතු වන අතර මෙය පරිශීලනය කරන අප සැමගේ ගෞරවරය එකී අඥාත රචකයා සතු විය යුතුය. 

(මේ නිර්මාණය වැටහෙන කාගේ උවද මනසේ නිතැතින්ම මැවෙන රූපනයයක් වන බැවින් මෙම ලිපියට පින්තූරයක් හා / හෝ පූර්විකාවක් ඇතුලත් කර ඔබේ මනස රාමු නොකලෙමි.)

3 comments:

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න