Sunday, October 16, 2011

ඉවසන දනා...


ඉවසීම ප්‍රඥ්ඥාවන්තයෙකුට සාක්ෂාත් කල හැකි පරිචිත ලක්ෂණයකි...
ඉවසීම සැනසීමද, රුපුන් නසන ජය ධජය ද වන්නේමය,
ඉඳින් අප ඉවසමු, කෙතරම් කලක් ඉවසමු ද...?
මහා දිගු කලක් නොව! 
අප මේ මොහොත පමණක් ඉවසමු...
මන්ද යත් අප ජීවත් වන්නේ මේ මොහොත පමණක් වන බැවින්
ගෙවුන මොහොතේ ඔබට මට ජීවත් විය නොහැක...
ඊලඟ මොහොත අප ජීවත් වේ යැයි කාට නම් කිව හැකි ද...?
ඉඳින් අප ජීවත් වන මේ මොහොත පමණක් ඉවසීමෙන් ජීවත් වෙමු,
එයින් සැනසුමක් ලැබෙන්නේ මතුවට වත් අතීතයට වත් නොව,
අප ජීවත් වන මේ මොහොතටමය...   

14 comments:

  1. හැම දෙයක්ම ඉවසිය යුතුද....?

    ReplyDelete
  2. RIP :P , කුම්බලා මාළු කෑවා නං විදවපන් බලලො කිව්වලු

    ReplyDelete
  3. @ Anonymous,
    ඉවසීම පාරමිතාවක් බව මතක තබාගන්න

    ReplyDelete
  4. @ banda,
    අබ කාපු මිනිහගෙ නහය දනව ලු... :D

    ReplyDelete
  5. ඉවසනව කියල ඉවසන්න පුලුවන් ප්‍රමාණයක් තියනවනේ.ඔය මොහොත කියන මිම්ම කොහෙද තියෙන්නෙ?ඉවසීමෙන් සැනසීම ලැබේ කිව්වට අනේ මන්ද?සැනසීමක් නම් නෑ.

    ReplyDelete
  6. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ???කිවුවලු

    ReplyDelete
  7. @ නදී ,
    සැබෑ ඉවසීම අසීමිතයි, සීමා සහිත ඉවසීම හුදු ආත්ම වංචාවක් පමණයි.

    මේ මොහොත කියන්නෙ අතීතයත් නොවන අනාගතයත් නොවන අපි ජීවත් වෙන අසුරු සැණකටත් වඩා අඩු පුංචිම පුංචි මොහොතක්.

    ඉවසීමෙන් සැනසීම ලැබිල නැත්තෙ ඉවසලා නැති නිසයි.

    ReplyDelete
  8. @ ඕනයා,
    ඇයි, "මෙය කිව් එකාගේ කට කෑවත් මදිය"!!! :)

    ReplyDelete
  9. කාලයත් අවකාශයත් සියල්ල විසදන තුරු අප ඉවසා සිටිය යුතුද?
    අසාධාරනය වෙනුවෙන් කෙතරම් ඉවසිය යුතුද අප?
    ඉවසීම පරාජිතයාට උරුමවූවක් නොවන්නේද?
    ජයග්‍රහනයක් ප්‍රත්යක්ශ නම් ඉවසමු!
    පරාජයක් උරුම වේ නම්, වර මිතුර අප සටන් කරමු!
    ඉවසන්නාට සැනසීමක් නැති මේ සමාජයේ අප සටන් කරමු!

    ReplyDelete
  10. @ sajith,
    නැත, එසේ කරන්නා අලසයෙකි. වීර්යෙන් යුතුව කටයුතු කල යුතුයි.
    ඉවසීම යනු නිවට කම නොවේ
    නැත, ඉවසීම ජයග්‍රාහකයා සතු ගුණාංගයකි
    ඉවසන්නාට ජයග්‍රහනය ප්‍රත්‍යක්ෂය
    ජය පරාජය සමසිතින් සිවසීම වඩා යහපත් ය
    "යුද්දෙකට ඇවිත් රුපු සෙන් සත් මුහුදු මතින් - ගුවනින්
    කම්බි වටකළේ මනරම් මාළිගාව දෝ - මාළිගාව දෝ"

    ReplyDelete
  11. umbata pissu tbya..

    ReplyDelete
  12. @ Anonymous,
    ඔව්, උඹට සාපේක්ෂව මට පිස්සු වෙන්න පුළුවන්...

    ReplyDelete
  13. ඉවසන්න පුලුවන් නම් මොන තරම් හොදද...
    මටත් .. ඉස්සර මාර විදිහට තද වෙනවා.
    හැම වෙලාවෙදිම බැරි උනත්, උත්සාහ කරලා ඉවසගෙන හිටපු අවස්ථා කිපයක්ම උදා කර ගන්න පුලුවන් උනා.

    ඇත්තමයි..ඒ වෙලාවට හිතට දැනෙන සැනසීම..අසීමිතයි.

    ReplyDelete
  14. @ - නිල් අහස -,
    කිසියම් ප්‍රපංචයක් තමා තුලින් ම අවබෝධ කරගත්තෙකුට තවත් ටීකාවන් කුමටද... ඔබට ජයෙන් ජය!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න