Sunday, October 23, 2011

අසෙනි...


ඇතුගල පව්ව එපිටින් රැඳි මේකුළු පව්වකින්
මුළු අහසම එකම යායක්
ලෙසින් දිස්වෙයි අඳුන් තැවරූ මෙන්...
මනු ලොවෙන් දෙව් ලොව සීමාකරනුමෙන්
දිව සළු සදිසි සුදු මිහිදුම් වලා රැලි
මතින් මිණි පබළුවක් මෙන් දිලෙයි ඇතුගල බුදු රුව...
මහපොළොව බොහෝ කල් 
බලා හුන් වැසි බිඳක් 
අහස් කුස සිසාරා මහපොළොව
සිප ගැනින අසෙනි වැස්සක් විලස...
-ටී.බී-



14 comments:

  1. ලස්සනයි මචන්

    ReplyDelete
  2. මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටැ.කාලෙකට පස්සෙ පොළව තෙමෙන්ට වහිනව.

    ReplyDelete
  3. හූ හූ අපිටනං වැස්ස නැ‍තෝ . . . .

    ReplyDelete
  4. @ Anonymous,
    හා... හා... අලුත් සිම් එකෙන් වගේ :) ස්තූතියි!

    ReplyDelete
  5. @ නදී,
    "මෙහෙත් හරි වැස්ස, බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙ..." :D
    ඔව් බොහෝ කාලෙකින් මහ වැසි වසිනව...

    ReplyDelete
  6. @ ඕනයා,
    වැසි මොටද කොළඹට - දළු ලන්නද කොන්ක්‍රීට් වනය... :)

    ReplyDelete
  7. ලස්සන අදහසක්.. අපිටත් හරි වැස්ස...

    ReplyDelete
  8. හික් හික් . . . මචෝ මම් දැං කොළඹ නෙමේ ඉන්නෙ මාලදිවයිනේ . . . (මේ . . . උඹ බුකියෙ ඉන්නවද??)

    ReplyDelete
  9. රෑට වහින වැස්ස තමා ... හොදම.
    පදවැල ..අගෙයි.

    ReplyDelete
  10. @ Dinesh,
    බොහොම ස්තූතියි, ඔව් මේ දවස් වල වැස්සනෙ...

    ReplyDelete
  11. @ ඕනයා,
    ආහ්! එහෙමද, හොඳයි හොඳයි... :) (ඔව්... :D)

    ReplyDelete
  12. @ - නිල් අහස -,
    හික් හික්... ;)
    බොහොම ස්තූතියි...

    ReplyDelete
  13. නම දැක්කයින් ආවේ....හී හී

    ඇත්තටම මාරම ලස්සනයි වචන...:DDDDD

    ReplyDelete
  14. @ පබලු,
    ටික දවසකින් නේද මේ පැත්තෙ ආවෙ... :)
    බොහොම ස්තූතියි//

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න