Sunday, June 12, 2011
පොසොන් සඳේ සඳ කිරණ ගලාලා...
දෙටුපෑතිස් මහ නිරිඳු න්
දුනු හී කඩු ගෙන සුරති න්
මිහින් තලා හිමය මැදි න්
පොසොන් සඳේ සඳ එලියෙ න්
යනවිට රුදු දඩ කෙලි යේ
මුවෙක් ගියා සඳ එලි යේ
ඌ පසු පස ලුහු බැඳි යේ
අමුතු දෙයකි සිදුවූ යේ
තිස්ස තිස්ස හඬ ඇසු නා
මහ නිරිඳුන් තිගැස්සු නා
මගේ නමින් අමතන් නා
කවුරුද ඒ හඬදෙන් නා
මිහින්තලා ගිරි මුදු නේ
සවනක් රැස් විහිදෙන් නේ
සවනක් පිරිවර මුලි නේ
මිහිඳු හිමියි වැඩ ඉන් නේ
ශක්ර දෙවිඳු වැඩසිටි නා
වෛජයන්ත මහ විම නා
සෙලවෙන හැටි දුන් පෙන් නා
සැරියුත් මුගලන් සඟ සොබ නා
වන් පෙළපත යෙන් පැවතෙ න
මරුන් නසා නිම කර දුක් සසර ගම න
විනීත ලෙස වට ඒ මුදු අමා නිව න
අභීත මහ මිහිඳු හිමියි මහරජගේ නම අමත න
නිරිඳුන් මොහොතක් රැඳු නා
දුනු හී කඩු බිම වැටු නා
මුව පොව්වගෙ දිවි රැකු නා
නිරිඳුගෙ සිත නිසල වු නා
මිහිඳු සමිඳු රජ ඇමතූ වේ
දඹදිව සිට අප මෙහි වැඩමවූ වේ
කරමින් ඔබ වෙත අනුකම්පා වේ
අප හැම බුදු හිමි ශ්රාවකයන් වේ
පින්වත් නිරිඳුගෙ නුවනැස ඇරු නා
ඇසුවෙන් අඹ පැණ පිළිතුරු දුන් නා
හැම පැණයම නුවණින් තෝරන් නා
සුදුසුයි මහ රජ දහම් අසන් නා
පොසොන් සඳේ සඳ කිරන ගලා ලා
මිහින්තලා වන අරනේ ඉඳ ලා
සුළු ඇත් පද උවම් සුතුරින් ඇරඹී ලා
සිරි සඳහම් ගඟ බසී ගලා ලා
ඒ ලෙස ඇරඹු නේ
බුදු සසුන මේ දෙර නේ
සිහිකර එය පොසොන් දි නේ
අපිත් යමු උතුම් තිසරන සර නේ
Subscribe to:
Post Comments (Atom)
vatina kavi padha :)
ReplyDeleteniyama pedi pelak
ReplyDeleteහරිම අපූරුයි යාළු
ReplyDeleteපින්බර පොසොන් පොහොයට...මේ පැදි පෙල උපහාරයක්ම වේවි.
ReplyDeleteහරිම ලස්සන කවි පන්තියක්... පින්තූරෙත් හරිම ලස්සනයි...
ReplyDeleteකවි කියවූ පබලු, Sasika, ayesha, - නිල් අහස - , සචී ප්රබුද්ධ ඇතුලු සැමට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!
ReplyDelete