රථ වාහනයක් හෝ බයිසිකලයක් පදවන ඔබට ඉතා වැදගත් අංගයක් වන්නේ රෝදක එහෙමත් නැත්නම් තිරිංගයි. ඇත්තෙන්ම තිරිංග නොමැති නම් රථ වාහන වලින් අපට ප්‍රයෝජනයක් ගත නොහැකී. ඇත්තෙන්ම වාහනයක තිරිංග පද්ධතිය යනු කුමක්ද?
වාහනයක තිරිංග පද්ධතිය යනු වාහනයේ චාලක ශක්තිය, තාප ශක්තිය බවට හා විභව ශක්තිය බවට හරවන සුවිශේෂී පද්ධතියකි. වාහනය පාලනය කරගැනීම සඳහා රියදුරාට මෙම තිරිංග පද්ධතිය මහෝපකාරී වේ. ඉතින් ඔබ තිරිංග යෙදූ විට කුමක් සිදුවේද? වඩා සරළ මට්ටමෙන් එය මෙසේ පැහැදිළි කරගනිමු.
ඔබ තිරිංග පාදුකාව (brake paddle) මත බලයක් යෙදූ විට එම බලය කීප ගුනයකින් වැඩිකර(මේ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි, ඒවා දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීම මේ ලිපියේ අරමුන නොවේ ) රථයේ රෝද ආසන්නයට සම්ප්‍රේශණය කරයි(මේ සඳහා යාන්ත්‍රික ක්‍රමයක් හෝ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණ ක්‍රමයක් හෝ රික්තය භාවිතා කරයි.) රථයේ රෝදය ආසන්නයේ රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසක් හා ඒ මත, තිරිංග පද්ධතියෙන් ලැබෙන බලයෙන් එකී භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් සැපයිය හැකි භ්‍රමණය නොවන කොටසකුත් ඇත. තිරිංග යෙදූ විට එම කොටස මඟින් යටකී රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසට විරුද්ධව බලය සපයයි. එහිදි චලනය වන කොටසක් චලනය නොවන කොටසක් හා එකිනෙක ගැටීම නිසා එම පෘශ්ඨ දෙක මත සාපේක්ෂ චලිතයක් ඇතිවී තාපය නිපදවේ. මෙසේ තාපය ලෙස හානි වන්නේ වාහනයේ රෝද මඟින් ලැබෙන චාලක ශක්තියයි(පහත රූපය බලන්න, පැහැදිළි කරගැනීමේ පහසුව සඳහා මෙහි දක්වා ඇතේ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණයක් සහිත, භ්‍රමණය වන කොටස තැටියක් වන Disk Brake තිරිංග පද්ධතියකි).
දැන් ඔබේ රථයේ චාලක ශක්තියෙන් කොටසක් තාපය ලෙස හානි වී ඇත, එනම් දැන් ඔබේ රථයේ වේගය අඩු වී ඇත. මීලඟට තවත් අසිරිමත් කාරණාවක් සිදුවෙයි,
ඔබ දන්නවා ඔබේ රථයේ බඳ (Body) රෝද මත දුනු මඟින් අවලබ්භනය (Suspension) කර ඇති බව. මෙසේ කර ඇත්තේ ඔබට සුව පහසු ගමනක් සලසා දීම සඳහා පමණක්ම නොවේ. ඔබ තිරිංග යෙදූ විට මේ අවලම්භන පද්ධතියේ ඇති දුනු හැකිලීමට ලක්වේ. මෙසේ දුනු හැකිලීමට ශක්තිය සැපයෙන්නේද රථයේ චාලක ශක්තියෙනි. එවිට රථයේ චාලක ශක්තියෙන් කොටසක් මෙම දුනු හැකිලීම සඳහා වැයවන නිසා රථයේ චාලක ශක්තිය අඩුවේ, එනම් රථයේ වේගය අඩුවේ.
එබැවින් වාහනයේ තිරිංග හොඳින් ක්‍රියා කිරීමට නම් රථයේ අවලම්භන පද්ධතියත් මනා ක්‍රියාකරීත්වයෙන් තිබිය යුතුයි. කෙසේ වෙතත් වාහන වල තිරිංග පද්ධති කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා රිය පැදවීම ණුවනට හුරු නොවන අතර සෑම විටම හදිසියේ තිරිංග යෙදීමට සිදු නොවන ලෙස රථය පැදවීම ඉතාම වැදගත් ය. තවද රථය දීර්ඝ පල්ලම් බැසීමකදී දිගටම තිරිංග යොදාගෙන යනවාට වඩා අඩු ගියරයක ගමන් කරමින් තිරිංග මත යෙදෙන බලයෙන් කොටසක් ගියර් පෙට්ටියට හා එන්ජිමට ලබාදීමට කටයුතු කිරීමෙන් රථයේ තිරිංග පද්ධතිය අධික ලෙස රත්වීමෙන් සිදුවන හානි මඟහරවාගත හැක.
මීලඟට ඔබ තිරිංග යෙදීමේදී මේ ගැනත් සැලකිළිමත් වන්න, "මිනිසත් බව දුර්ලභයි - ප්‍රවේශමෙන් රියපදවන්න" යන කියමන තරයේ සිහිතබාගන්න. ඔබට සුභ ගමන්!
ශක්ති සංස්ථිතිය පැහැදිලි කරන්න දරපු නියමු උත්සාහයක්. බ්රේක් ගැහිල්ල ගැන වෙනස්ම විධියෙ පැහැදිලි කිරීමක්. නියමයි!
ReplyDeleteමම් නම් ඉතින් ඔව්ව ගැන වැඩිය දන්නෙ නෑ.
ReplyDeleteකවුරුහරි එලවන වාහනයක වාඩිවෙලා යන්න විතරයි දන්නෙ.වැඩියෙන්ම ගිහින් තියෙන්නෙ 100ට.ඉස්කෝලෙ යන කාලෙ නම් ෆුට්සයිකල් පැද්දා.ක්ලාස් යන්න.
රෝද නවතින්න රෝදක වගේම ඝර්ශණයත් වැදගත් නේද?ඒක නැත්තම් ඔය මොකවත් කරන්න බෑනේ.ලිස්සලා යනවනේ.
@ hare :-),
ReplyDeleteටික දවසකින් නේද මේ පැත්තෙ ආවෙ... :)
@ නදී,
ReplyDeleteආ..., ෆුට් සයිකලයක උනත් තිරිංග වල මූලික ක්‍රියාකාරීත්වය මෙහෙමයි, සුළු වෙනස්කම් තමා තියෙන්නෙ.
ඇත්තෙන්ම ඔව්, ඝර්ෂණය නිසා තමයි රූපයේ දක්වල තියන විදියට අභිලම්භ ප්‍රතික්‍රියාව ලැබෙන්නෙ.
ඔයා වාහනයක් පදවන දවසක මේ ගැනත් මතක තියග්න්නකො :)
වැදගත් ලිපියක් බං.මීට පස්සේ ටිකක් කල්පනා කරල වාහනේ එලවන්න ඕනා...
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා,
ReplyDeleteඔව් මචන්, බොහෝ දෙනෙක් රිය අනතුරු සිදුකරගන්නෙ වාහනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නොදැනුවත්කම නිසා නෙ...
මා රියදුරු පුහුණු වෙන කාලේ පල්ලමක් බහින්න ගිහින් පොඩි අනතුරකුත් උනා..
ReplyDeleteගොඩාක් ස්තුතියි....
@ Gimhani,
ReplyDeleteඉගෙනගන්න කාලෙ කා අතිනුත් වැරදීම් වෙනවනෙ... :)
සිරා . . . සිරා . . . අද තමයි බ්‍රේක් සිස්ටම් එකෙයි සස්පෙන්ශන් සිස්ටම් එකෙයි සම්භන්දය දැනගත්තෙ . . . . ටැංකිවු ඈ . . .
ReplyDeleteඒක නෙමේ මචෝ . . . . . ලෑන්ඩ්මාස්ටරේ (අත් ට්‍රැක්ටරේ) බ්‍රේක් සිස්ටම් එක මීට වඩා වෙනස් නේද . . .??? වෙලාවක් තිබුනොත් ඒ ගැනත් ජුන්ඩං විස්තරයක් දාහංකො . . .
බ්රේක් නැති වාහනේකින් ඇති පලේ කිම කිව්වලු.
ReplyDeleteමේක දිරවන්නත් ටික වෙලාවක් ගියා..යාලුවා.
දැනුවත් කිරීම ගැන ..රොම්බ තෑන්ක්ස්...
@ ඕනයා,
ReplyDeleteඅත් ට්‍රැක්ටර් වල තිරිංග යෙදෙන කොටස් තියෙන්නෙ ගියර් පෙට්ටිය ඇතුලෙමයි, ඒ කොටස් ගියර් ඔයිල් වල ගිලිලයි තියෙන්නෙ. එහිදීත් මේ වගේම ඝර්ෂණය නිසා ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව තමා තිරිංග බලය ලෙස යෙදෙන්නෙ. නමුත් මේ කොටස් ගියර් ඔයිල් වල ගිලිල තියන නිසා ඝර්ෂණ පෘශ්ඨ වල ස්නේහනයක් ඇතිවෙනව, ඒ කියන්නෙ ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව තරමක් අඩුයි. නමුත් අත්ට්‍රැක්ටර් ගොඩක් වේගයෙන් ගමන් කරන්නෙ නැති නිසා ඒ ලැබෙන බලය ප්‍රමාණවත් ට්‍රැක්ටරය නවත්වන්න. අත්ට්‍රැක්ටර් වල අවලම්භන පද්ධතියක් නැති නිසා අත්ට්‍රැක්ටරයෙ සම්පූර්ණ චාලක ශක්තියම හානි කරවන්නෙ (එනම් ට්‍රැක්ටරය නවත්වන්න මුළු දායකත්වයම ලබාදෙන්නෙ ) තිරිංග මඟින්.
@ - නිල් අහස -,
ReplyDelete"ආදරේට බ්‍රේක් නෑ, ජීවිතේට රිවස් නෑ" 'ලු'නෙ... :D
එතකොට අත්ට්‍රැක්ටරේ තිරිංග පද්දටිය සහ ක්ලච් පද්දතිය අතර තියන සම්බන්දය මොකද්ද ??? අත්ට්‍රැක්ටරයේ හැඬලයට එන ලීවර දෙක (වචනෙ හරිද දන්නෙ නෑ) බ්‍රේක් ද ??? ක්ලච් ද ??? ඒවාගේ ක්‍රියාකාරීත්වය කන්දකදී එක විදියකුත් . . . තැන්නකදී එක විදියකුත් වෙන්නෙ කොහොමද . . .???
ReplyDeleteප.ලි.
කමක් නෑ නේද මම මේ ප්‍රශ්න ඇහුවට ????
@ ඕනයා,
ReplyDeleteකිසි අවුලක් නෑ ඇහුවට, ඇත්තෙන්ම මේක ඉතාම සිත්ගන්නා සුළු කාරණයක්. වැඩේ තියෙන්නෙ මෙහෙම අකුරෙන් විස්තර කරන එක තමා...
මෙහෙමයි, අත් ට්‍රැක්ටරයේ ප්‍රධාන ක්ලච් එක, ඒ කියන්නෙ ගියර් මාරු කිරීම සඳහා භාවිතා කරන ක්ලච් එක සහ ඉදිර පස රෝද දෙකේ තිරිංග (ඉහතින් විස්තර කලේ) එකම ලිවරයකින් තමා ක්‍රියාකරන්නෙ. ඒ කියන්නෙ වම් අත පැත්තෙ තියන උඩට යොමු උන ලීවරය, ඒක දිරියට පිටුපසට යොමුකරන්න පුළුවන්. මේ ලීවරය තමා දෙසට එක කට්ටයක් ඇදපුවහම එන්ජිමෙන් ගියර් පෙට්ටිය නිදහස් වෙනව, එතකොට ගියර් මාරු කරන්න පුළුවන්. තවත් කට්ටක් මේ ලීවරය ඇදපුවහම ඉස්සරහ රෝද දෙකට තිරිංගත් යෙදෙනව. ඒ ප්‍රධාන ක්ලච් එක.
ඊලඟට අත්ට්‍රැක්ටරයේ ප්‍රධාන හැන්ඩ්ල් දෙකේ (වම සහ දකුන ) තව ක්ලච් දෙකක් තියනවනෙ අර බයිසිකල් වල තියන බ්‍රේක් හැන්ඩ්ල් වගේ. මේවට කියන්නෙ ස්ටීරින්ග් කල්ච් කියල. මේව තියෙන්නෙ ගියර් මාරු කිරීමට නෙවේ ට්‍රැක්ටරය හැරවීම සඳහායි. මේවායේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි,
මේ ක්ලච් එකක් ඇල්ලුවොත් ඒ පැත්තෙ ඉදිරිපස රෝදය ගියර් පෙට්ටියෙන් නිදහස් වෙනව (නමුත් ගියර් පෙට්ටිය එන්ජිමෙන් නිදහස් වෙන්නෙ නෑ) ඒ නිසා අනෙක් පැත්තෙ රෝදය විතරක් එන්ජිමේ බලයෙන් කරකැවෙනව. එතකොට මොකද වෙන්නෙ අර කලින් නැවතුන රෝදය කේන්ද්‍රය කරගෙන අනෙක් රෝදය වෘත්ත පතයක ගමන් කරනව. සරළව කීවොත් ඔබට ට්‍රැක්ටරය දකුනට හරවන්න ඕනෙ නම් දකුණුපැත්තෙ ස්ටීරින්ග් කල්ච් එක අල්ලනව. එතකොට ඉස්සරහ දකුනු පැත්තෙ රෝදයට එන්ජිම මගින් බලය සැපයෙන එක නතරවෙනව. නමුත් වම්පැත්තෙ රෝදය දිගටම එන්ජිමෙන් කරකැවෙනව. එතකොට මොකද වෙන්නෙ ට්‍රැකටරය දකුණු පැත්තට හැරෙනව.
නමුත් ට්‍රැකටරය පල්ලමක යනව නම්, දකුණට හරවන්න කියල හිතල දකුණු පැත්තෙ ස්ටීරින්ග් කල්ච් එක ඇල්ලුවොත් මොකද වෙන්නෙ, දකුණු පැත්තෙ රෝදෙ එන්ජිමෙන් නිදහස් වෙනවනෙ. එතකොට පල්ලම නිසා ඒ රෝදෙ වම්පැත්තෙ එන්ජිමෙන් කැරකෙන රෝඩ්දෙට වඩා වේගෙන් කැරකෙන්න පටන්ගන්නව. ඒ නිසා ට්‍රැක්ටරය වම්පැත්තටයි හැරවෙන්නෙ. ඒ නිසා පල්ලමකදි හරවන්න ඕනෙ පැත්තට විරුද්ධ පැත්තෙ ස්ටීරින්ග් කල්ච් එකයි අල්ලන්න ඕනෙ. කන්දකදී සහ තැනිතලාවකදී මෙහෙම වෙනසක් නෑ, හරවන්න ඕනෙ පැත්තෙ ක්ලච් එකමයි අල්ලන්නෙ.
ඔන්න ඔහොමයි වෙන්නෙ, පැහැදිළි ද දන්නෙ නෑ මං කීවට. මේක පෙන්නලම විස්තර කරල දෙන්න තිබුන නම් තේරුම්ගන්න ඉතාම පහසුයි...
ටැංකිවු මචෝ. . . .
ReplyDeleteහරවද්දි රෝද ගියර් පෙට්ටියෙන් නිදහස් වෙලා කැරකෙන සිද්දිය ගැන මම දැනගත්තෙ අත්දැකීමෙන් . . . . එදා ඒ අත් ට්‍රැක්ටරේ හෙඩ් ලයිට් එකත් කුඩු උනා . . . .
ඉතාම පැහැදිලියි උඹේ විස්තර කිරීම . . . ආයෙත් ටැංකිවු . . . .
@ ඕනයා,
ReplyDeleteවෙල්කං මචන්...
එහෙනං ඉති ඒ සම්භන්ධයෙන් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂාවබෝධයක් තියනව නෙ, ආයෙ හෙඩ් ලයිට් කැඩෙන එකක් නෑ :)
ආයෙත් වෙල්කං...
අද තමා අත් ට්‍රක්ටරේ හැරවිල්ල ගැන හරියටම දැන ගත්තේ....
ReplyDeleteඒ වගේම බ්රේක් වලයි suspension එකයි අතර තියෙන නෑකමත්. ස්තූතියි
@ තාරක Dilsh@n,
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට...
අත් රෝදක වල තියෙන දෝෂ මොනවද?
ReplyDeleteතව තැටි රෝදක ක්‍රියාකරවීම සදහා බාවිතා වන ක්‍රම මොනවද