පෙට්‍රල් වාහන වල ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල මූලික අන්තර්ගතය වන්නේ ඔක්ටේන් (Octane ) නැමති හයිඩ්‍රෝ කාබනයයි (C8H18). මෙහි සමාවයවික 18 ක් පමන ඇති අතර Iso-octane සමාවයවිකය (2,2,4-Trimethylpentane) දහන කාර්යක්ෂමතාව ඉතාම වැඩි සමාවයවිකයයි. මීට අමතරව පෙට්‍රල් වල පෙන්ටේන් (C5H12), හෙක්සේන් (C6H14) සහ හෙප්ටේන් (C7H16) යන හයිඩ්‍රෝකාබන ද සුළු වශයෙන් අඩංගු විය හැක.
රථවාහන සඳහා නිකුත් කරන ඔක්ටේන් 90 සහ ඔක්ටේන් 95 යන වර්ග වල පෙට්‍රල් වල වෙනස වන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල් වල අන්තර්ගතය 90% ක් ඔක්ටේන් වන අතර ඉතිරි 10% ක පමන පෙන්ටේන්, හෙක්සේන් හා හෙප්ටේන් වැනි වෙනත් හයිඩ්‍රෝකාබන අඩංගු වෙයි. නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් වල 95% ම ඔක්ටේන් වන අතර වෙනත් හයිඩ්‍රෝකාබන ඇත්තේ 5% ක් පමන සුළු ප්‍රමානයකි. එබැවින් සම පරිමාවක් දහනය කල විට ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා ඔක්ටේන් 95 පෙට්‍රල් වලින් වැඩි තාප ශක්තියක් ලබාදෙයි. එබැවින් ඔක්ටේන් 95 පෙට්‍රල් යෙදූ විට වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිය.
වාහන වල පෙට්‍රල් දහනය වීමේදී ඇතිවන ගැස්ම වැලැක්වීමට "Antiknock agent" පෙට්‍රල් වලට මිශ්‍ර කරයි. මෑතක් වන තුරු මේ සඳහා ඊයම් භාවිතා කල අතර එමගින් වන පාරිසරික හානිය නිසා දැන් ඊයම් මිශ්‍ර නොකරන අතර මේ සඳහා ඇල්කොහොල, ඊතර හෝ ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයක් (එනම් ඒකජ හා ද්විත්ව භන්ධන දෙකම සහිත කාබන් පරමාණු ඇති හයිඩ්‍රෝකාබන ) භාවිතා කරයි. එමගින් පෙට්‍රල් වල ඇති වහා ගිනිගන්නාසුළු බව පාලනය කරයි. නැතහොත් වාහන වල එන්ජින් තුලදී අනවශ්‍ය අවස්ථා වලත් පෙට්‍රල් දහනය වී එන්ජිමේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් අවර්ණ වන අතර හඳුනාගැනීම සඳහා වර්ණකයක් භාවිතා කරයි. එමෙන්ම පෙට්‍රල් වල කිසිම අවක්ෂේපයක් සිදුවන්නේද නැත.
ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල ඉහත සඳහන් කල ද්‍රව්‍ය වලට අමතරව වෙනත් අපද්‍රව්‍ය අඩංගු ඉතාමත් අල්ප වශයෙනි. සාමාන්‍යයෙන් පෙට්‍රල් වල අපද්‍රව්‍ය අල්ප නිසා පෙට්‍රල් වාහන වල පෙට්‍රල් පෙරනයක් භාවිතා නොවන අතර පෙට්‍රල් පෙරනයක් තිබුනත් එය ඩීසල් වාහන වල ඇති ඩීසල් පෙරනය මෙන් කාර්යක්ෂම එකක් නොවේ. එබැවින් පෙට්‍රල් වල පමනට වඩා අපද්‍රව්‍ය තිබුන හොත් වාහනයේ කොටස් වලට නිතැතින්ම හානි ගෙනදේ.
අපිරිසිදු පෙට්‍රල් නිසා වාහන, පන නොගැන්වීම, පනගැන්වීමට අපහසු වීම, පනගැන්වුනත් එන්ජිම මද වේගයේ (Idle) ධාවනය නොවීම, එන්ජිම වේගයෙන් ක්‍රියා නොකිරීම, එන්ජිමේ ශබ්දය වෙනස් වීම, එන්ජිමෙන් ලැබෙන බලය අඩු වීම, එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සීම, අධික ලෙස ඉන්ධන පරිභෝජනය කිරීම වැනි හානිදායක තත්වයන් ඇතිවිය හැකියි.
ඔබේ වාහනයටත් අපිරිසිදු පෙට්‍රල් ඇතුළු වී ඇත්නම් සහ ඉහත ලක්ෂණ ඇත්නම් වාහනය තවදුරටත් ධාවනය නොකරන්න. වාහනයේ ඉන්ධන ටැංකියේ ඇති සියළුම ඉන්ධන ඉවත් කර (මේ සඳහා ඉන්ධන ටැංකිය යට කරාමයක් ඇත ) පිරිසිදු පෙට්‍රල් බව තහවුරු කරගත් පෙට්‍රල් නැවත දමා කලත්තා එම පෙට්‍රල් ද සම්පූර්ණයෙන් ඉවත් කර නැවත පිරිසිදු පෙට්‍රල් වලින් ටැංකිය පුරවන්න. මෙහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිත කල හැකි නම් ඉතාම හොඳය. ඉන්ධන ටැංකියද ගලවා පිරිසිදු කල හැකි ද නම් තවත් හොඳය. වායු පෙරනය ද ඉතා හොඳින් පිරිසිදු කරන්න, නැතහොත් අලුතෙන් යොදන්න. පෙට්‍රල් පෙරනය ද පිරිසිදු කරන්න නැත්නම් අලුතෙන් යොදන්න. දැන් වාහනය පනගන්වා එන්ජිමට සාමාන්‍ය වේගයෙන් (Idle) ටික වේලාවක් ධානවන වන්නට සලස්වන්න. පසුව කිලෝමීටර 50 ක් පමන ධාවනය කර එන්ජිමේ ක්‍රියාකාරීතවය යථා තත්වයට පත්ව ඇත්දැයි බලන්න.
තවදුරටත් එන්ජිම අසාමාන්‍ය ගැස්සීම් පනගැන්වීමේ අපහසු තා, ශබ්දයේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇත්නම් වාහනය වහාම පළපුරුදු දක්ෂ කාර්මිකයෙකු ලවා කාබියුරේටර් සේවාවක් (කාබියුරේටරයක් සහිත වාහනයක් නම්) හෝඅ EFI සේවාවක් (EFI සහිත වාහනයක් නම්) සිදුකරගන්න. නැවත පෙට්‍රල් යෙදීමේදී ද පෙට්‍රල් වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වන්න.

ඉතා ප්‍රයෝජනවත් ලිපියක්.
ReplyDeleteස්තූතියි දැනුවත් කලාට.
පෙට්‍රල් වලට වතුර කලවම් උනාම වෙන දේත් පැහැදිලි කරන්න හැකියාවක් තිබේනම්...
උබලගේ මුස්පේන්තු ආන්ඩුවට හරි හමන් විදියට මොකවත් කරගන්න බැ නේ , අපි සල්ලි දීල ගහල අපිම සුද්ද කරගන්නත් ඕන. උබල වගේ උන් ඉන්න කන් දෙයියන්ගෙම පිහිටයි අපිට.
ReplyDeleteOnnna උෙ ආණ්ුක් ආා.kohomada wenasa.hukeees
DeleteOnnna උෙ ආණ්ුක් ආා.kohomada wenasa.hukeees
Delete@ Gimhani,
ReplyDeleteජලය මඟින් පෙට්‍රල් සාන්ද්‍රනය අඩු කරන නිසා (තනුක කරන නිසා) එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට පෙට්‍රල් ලැබෙන්නෙ නැති නිසා එන්ජිම පන නොගැන්වීමට හෝ පන ගැන්වුනත් මනා ක්‍රියාකාරීත්වයක් නොලැබෙන්න පුලුවන්. මීට අමතරව EFI සහිත වාහනයක් නම්, පෙට්‍රල් පොම්පයට, ඉන්ජෙක්ටර් වලට සහ වාහනයේ ඉන්ධන පද්ධතියේ ඇති විවිධ සංවේදක (Sensor) වලට හානි සිදුවෙන්න පුලුවන්. කාබියුරේටර් සහිත වාහන වල නම්, පෙට්‍රල් තරම් ජලය වාෂ්පශීලී නැති නිසා කාබියුරේටරය තුල වාතය සහ පෙට්‍රල් මිශ්‍ර වීමේදී ජලය කාබියුරේටරය තුල ඉතිරි වී පෙට්‍රල් හා වායුව මිශ්‍ර වීමට අවහිර කල හැකියි. ඒ ගේම පෙට්‍රල් පෙරනය අවහිර වෙන්නත් පුලුවන් වතුර නිසා. ඔය වගේ ප්‍රශ්ණ ගොඩක් ඇතිවෙනව පෙට්‍රල් වල වතුර තිබුනොත්.
@ banda,
ReplyDeleteඔව් නේ මචන්, උඹලගෙ ආන්ඩුව ආව නම් මේ කිසිම කචල් එකක් නෑ නෙ... :P
මචන් උඹත් එහෙනම් ඒ පෙට්‍රල් ගහල වගේ? මොකද ටැංකිය බෑවද කාර් එකේ?
නියම විස්තර ටිකක් !!! ගොඩක් වටින ලිපියක්
ReplyDeleteGimhani
ReplyDeleteගොඩාක් ස්තූතියි
hmm hmm
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් යාළුවා...
ReplyDelete@ මධුරංග,
ReplyDeleteස්තූතියි
@ banda,
ReplyDelete:D
@ Dinesh,
ReplyDeleteස්තූතියි
කාලෝචිත වැදගත් ලිපියක්.
ReplyDeleteස්තුතියි..දැනුවත් කලාට.
@ - නිල් අහස -,
ReplyDeleteස්තූතියි
Good article keep it up!
ReplyDelete@ Buddhika M H,
ReplyDeleteසාදරයෙන් පිලිගන්නව මචන් මගෙ බ්ලොග් අඩවියට :)
Niyama article 1k Saho..
ReplyDeleteEla amchan Keep it up!!!
ReplyDelete