Sunday, September 25, 2011

වාහනයෙන් ම අසා දැනගන්න I (OBD)



බේ වාහනයේ කිසියම් කාර්මික දෝශයක් ඇති බව ඔබ දැනගන්නේ කෙසේ ද...? ඔබේ වාහනය නිවැරදි ක්‍රියාකාරී තත්වයේ පවතිනවාදැයි ඔබ සැක හැර දැනගන්නේ කෙසේද...? ඔබේ වාහනයේ ඇති දෝශය නිවැරදිවම නිරාකරනය කිරීමට ඔබ කුමක් කල යුතු ද...? රථ වාහන භාවිතා කරන ඕනෑම අයෙකුට මෙවැනි ප්‍රශ්ණ පවතී. මෙම ගැටළු විසඳා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන්නේ කාර්මිකයෙකු ගේ සහය ලබාගැනීමයි. නමුත් සමහර විට ඔබේ වාහනයේ ඇති දෝශ ඔබටම ඔබේ වාහනයෙන් ම අසා දැනගැනීමට හැකි නම්...,!?

සාමාන්‍ය රථ වාහන වල බොහෝ විට ඇත්තේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකි. විදුලි හෝ විද්‍යුත් පද්ධති මඟින් ක්‍රියාකරන කොටස් සාමාන්‍ය වාහන වල භාවිතා වන්නේ අඩු වශයෙනි, භාවිතා වූවත් ඒවා රථයේ මූලික ක්‍රියාකාරීත්වයට ඍජුවම සම්භන්ධ වන පද්ධති නොවේ. එවැනි සංකීර්ණ පද්ධති නොමැති බැවින් මෙම වාහන වල සිදුවන දෝශ හඳුනාගැනීමටත්, ඒවා නිවැරදි කිරීමත් පළපුරුදු කාර්මිකයෙකුට ඉතාම පහසුවෙන් සිදුකල හැක.

නමුත් පසුකාලීනව රථවාහන වල කාර්යක්ෂම තාව ඉහල නැංවීමට උත්සාහ කිරීමේදී යාන්ත්‍රික පද්ධති ඒ සඳහා භාධකයක් බව හඳුනාගත් රථවාහන නිශ්පාදකයින්, තම රථවාහන සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කිරීමට පෙළඹුනි. ඉහල ඉන්ධන පිරිමැස්මක් හා මනා ක්‍රියාකාරීත්වයක් ලබාගනුවස් මෙතෙක් භාවිතා වූ බොහෝ වැදගත් යාන්ත්‍රික පද්ධති ඉලෙක්ට්‍රොනික පද්ධති වලින් ප්‍රතිස්ථාපනය විය.මේ සමඟම ඇතිවූ ගැටළුව නම් මෙම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධති වල කිසියම් දෝශයක් ඇතිවුව හොත් ඒවා හඳුනාගන්නේ කෙසේද යන්නයි. මන්ද යත් යාන්ත්‍රික පද්ධති වල මෙන් නොව ඉලෙක්ට්‍රොනික පද්ධති වල ක්‍රියාකාරීත්වය පියවි ඇසට නොපෙනීමයි. එබැවින් කාර්මිකයෙකුට ඍජුවම පද්ධතිය දෙස බලා දෝශය හඳුනා හඳුනාගත නොහැක. 

TOYOTA 5SFE එන්ජිමක ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය(ECU). 
එමෙන්ම යාන්ත්‍රික කොටස් ඉලෙක්ට්‍රොනික කොටස් වලින් ප්‍රතිස්ථාපනය වීමේදී මේ සෑම කොටසක්ම යාමනය කිරීම මධ්‍යම පාලන ඒකකයකට භාර විය. මෙය කුඩා පරිගණකයක් තරම් වැඩකොටසක් ඉටු කරන බැවින්, එනම් මූලික වශයෙන්ම දත්ත ලබාගෙන ඒවා සකසා තොරතුරු ලබාදීම සිදුකරන බැවින් මෙම ඒකකය රථවාහනයක පරිගණකය (On-board Computer) ලෙස හෝ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (Electronic Control Unit) ලෙස හඳුන්වයි. ඉහතින් දක්වා ඇත්තේ 5SFE එන්ජිම භාවිතා වන TOYOTA Celica මෝටර් රථයක ඇති එම  ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයය. මෙම ඒකකය වාහනයේ එන්ජිමේ හා විවිධතැන්න් වල ඇති සංවේදක (Sensor) මඟින් නිරන්තරයෙන්ම දත්ත ලබාගන්නා අතර ඒවා ඉතා ඉක්මනින් සකසා අදාල ක්‍රියාකාරකය (Actuator) වෙත අවශ්‍ය තොරතුරු සපයයි.

උදාහරණයක් ලෙස, ඔබ නවීන වාහනයක් පදවන අවස්ථාව සැලකිල්ලට ගමු. සාමාන්‍ය වාහනයක මෙන්ම මෙහිදීද ඔබ අඩු වැඩි වශයෙන් ත්වරකය (Accelerator) පෑගීම සිදුකරයි. නමුත් සාමාන්‍ය වාහන වල මෙන් නවීන වාහන වල ඔබ ත්වරකය (Accelerator) පාගන විටම එන්ජිමට සැපයෙන ඉන්ධන ප්‍රමාණය කෙලින්ම වැඩි වන්නේ නැත. නවීන වාහන වල ඔබ ත්වරකය (Accelerator) පාගන විට, ත්වරකයේ පිහිටීම (Throttle Position), වාහනයේ වේගය (Vehicle Speed), එන්ජිමට සැපයෙන ඔක්සිජන්  වායු ප්‍රමාණය (Oxygen concentration) ආදී බොහෝ දත්ත පෙර කී ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය ලබාගෙන කඩිනමින් ඒවා සකසා කොයිතරම් ඉන්ධන ප්‍රමාණයක් වැඩි කල යුතුද යන තොරතුර වාහනයේ ඉන්ධන පද්ධතිය වෙත ලබා දෙයි. මේ සියල්ල ඔබට නොදැනීම ප්‍රමාදයකින් තොරවම ඔබ ත්වරකය (Accelerator) පාගන විටම සිදුවේ. පෙර සඳහන් කල පරිදි මෙමඟින් සාමාන්‍ය වාහන වලට වඩා නවීන වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි බව ඔබට වැටහෙනු ඇත.

OBD පිරික්සුම් උපකරණයක්

මෙම පද්ධති වල දෝශ හඳුනාගැනීමට භාවිතා කරන ක්‍රමය "On-Board Diagnostic" (OBD) ලෙස හඳුන්වයි. ලිපිය ඉතා දීර්ඝ (එමෙන්ම නීරස) වන නිසාත්, වටහාගැනීමේ පහසුව පිණිසත් මෙවැනි සංකීර්ණ පද්ධතියක දෝශ හඳුනාගන්නේ කෙසේද යන වගත් ඒවා නිවැරදි කරගන්නේ කෙසේද යන වගත් අප මීලඟ ලිපියෙන් සාකච්චා කර බලමු.

9 comments:

  1. අපෙ සනියේ ඔය අයිටම් 1 කොයි හරියේද දන් නෑ තියෙන්නේ.

    ReplyDelete
  2. මගෙ බයිසිමොටෝවෙනං වෙන ඕනෙම වෙනසක් මට සු‍ටුස් ගාල දැනෙනව . . . . . මොකද ඌයි මායි 2004 ඉඳල එකටමනෙ ඉන්නෙ

    ReplyDelete
  3. @ banda,
    ඒක තාම කොම්පැනියෙලු තියෙන්නෙ මචන්, නිසාන් කාරයින්ට කෝල් එකක් දීල ගෙන්වගනින්... :D

    ReplyDelete
  4. @ ඕනයා,
    ඒක නම් ඇත්ත, එකම වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරද්දි වාහනේ සරීරෙම කොටසක් වගේ වෙනව තමයි, පොඩි වෙනසක් හරි උන ගමන් ටක් ගාල දැනෙනව... :)

    ReplyDelete
  5. අම්මෝ වෙලාවට මට රථ ගාය නෑ.

    ReplyDelete
  6. @ පිණිබිඳු...,
    මගේ බ්ලොගයටත් පිණි වැටිල... මට හරිම සතුටුයි, ස්තූතියි.
    ඔය එක එක ගාය වගේ නෙවේ රථ ගාය, චුට්ටක් හදාගෙන බලන්න කො... :)

    ReplyDelete
  7. මට මේවා ගැන තේරුමක් නෑ.මම් කරන්නෙ වාඩිවෙලා යන එකනේ ඉතින්.:)

    ReplyDelete
  8. @ නදී,
    හෙ...හෙ... :) ඔයාල වගේ කම්මැලියන්ට හොඳයි මේ පද්ධතිය. වාහනේ දෝශයක් ඇති උනොත් වැඩි කරදරයක් නැතිවම නිවැරදි කරගන්න පුලුවන්...

    ReplyDelete
  9. කමක් නෑ ඉතින් කාර් එක මතක් වෙන්න උන් තියාගන්න ඇති ඒක.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න