නිරුදක මහ පොලොව ඉරිතලා
නිලට දිලුන කෙත්වතු පඬු පැහැ වෙලා
දනන් තුඩ තුඩ රැඳුන හසරැලි සැඟවිලා
සතා සිව්පා කුරුළු කොබෙයි මුළුගැන්විලා
එහෙත්...
දිනිසුරු නැත කිසිත් කරුණා
නුඹ ගැබ නොමැත මේකුළු අරා
නිශාව රජයයි තුරු කැළ නොබා
නල නැති ලොවම නිසලයි සදා
නවතින්න...
දිනිඳු ඔබැ රුව සඟවාගන්න
මද නල අහසෙ මේකුළු පුරවාලන්න
හැම සතුනගෙම පවස සනහන්න
සොබා දිනිතිය වැසි බිඳක් සලන්න...
-ටී.බී-
අපිටනම් ඕන තරම් වැස්ස..
ReplyDeleteමෙහෙටත් වැස්ස
ReplyDelete@ Gimhani & banda.. පුලුවන්නන් තිලිනගෙ ගෙදරට ලොකු වතුර බූලි 2ක් වත් ගෙනත් දෙන්ට.. එහෙ ලිදේ අඩියක් තරන්වත් වතුර නෑ.. ඒ දුකටයි ඔය වදන් ගලපන්නෙ..
ReplyDeleteBlog liwwa mada!!!
ReplyDeleteDan site eka hadamu!!!!
@ Gimhani, banda,
ReplyDeleteආකහේටත් අමුකැවිලද කොහෙද කොංකිරිට් වනන්තරේට වැහි වස්සන්නෙ, අහස් වැස්සෙන් ගොවිතැනක් බතක් කරන අපිව අමතක කොරල...
මේ නෝක්කාඩුව ඇහිලද කොහෙද ඔන්න අද ටිකක් වැස්ස :)
@ සචී ප්‍රබුද්ධ,
ReplyDeleteආ ඒක නම් ඇත්ත මචන් ලබන සතියෙ ලිඳට කැට දෙකක් බස්සන්නයි ඉන්නෙ, උඹටත් නොවැරදීම කියන්නම්... ;)
@ Anonymous,
ReplyDeleteමම ඊයෙ සයිට් එක හදල උඹට එව්ව, පොඩ්ඩක් ලියුම් පෙට්ටිය බලපන්... :)
ළිං වලට කැට බස්සද්දී බලාගෙන වතුර වැඩි වෙන්න පුළුවන්.
ReplyDelete@ banda,
ReplyDeleteවතුර නං වැඩි වැඩියෙං තියෙන තරමට හොඳයි...
හ්ම්......අපිට නම් තාම වැස්සක් නෑ
ReplyDeleteඅපිත් වැස්ස බලාගන ඉන්නෙ,තාම වැස්ස නෑනේ.
ReplyDeleteඉස්සෙල්ලම කියන්න ඕන පද වැල නම් අගෙයි.
ReplyDeleteමේ ආයාචනාවට වැස්ස වලාහක දෙවියන් උදව් නොකර ඉන්න එක්ක නෑ..මගේ හිතේ.
@ ayesha,
ReplyDeleteඔයාලට නම් කලා වැව හරි තියනවනෙ..., අපටත් පොඩි පොදක් ගියා විතරයි.
@ නදී,
ReplyDeleteවැව් බැඳි රටේ ඔයාලට නම් ඕන තරම් වැව් තියනව නෙ, ලබන මාසෙ මැදක් වෙනකල් වහින එකක් නෑ...
@ - නිල් අහස -,
ReplyDeleteටික දවසකින් නේද මේ පැත්තට ගොඩවැදුනෙ, සතුටුයි නැවත හමුවීම.
ඔව් ස්වභාවධර්මය එතරම් අකාරුණික වෙන එකන් නෑ...
නව කුරුනෑගල යුගයේ කවියේ, සොදුරු පබැදුමක්.......
ReplyDeleteසීපදාකාරයේ නිසදැසක්....
මෙහෙ හරි වැස්ස,
@ sajith,
ReplyDeleteශෛලිය කාල නිර්නයටත් නාමකරනයටත් ලක් කරාට බොහොම ස්තූතියි. ඔහෙට වහින එකේ අග්ගිස්සෙන් අපටත් පොඩි පොදක් වැටෙනව මේ දවස් වල... :)
ඔයා කොහොමද දන්නෙ මම ඉන්නේ කොන්ක්‍රීට් වනන්තරේද කියල
ReplyDelete@ Gimhani,
ReplyDeleteඔයාගෙ නමට ක්ලික් කරපු ගමන් ඒක දැනගන්න පුළුවන්... :D
සුපුරුදු ඉරිදා post එක කෝ..?
ReplyDelete@ සචී ප්‍රබුද්ධ,
ReplyDeleteමම අනුරාධපුරේ නෙ හිටියෙ මචන්, ඒකයි ලියන්න බැරි උනේ. ඉක්මනටම අලුත් ලිපියක් දාන්නම්.
:)
ReplyDelete:P
Delete