Wednesday, February 2, 2011

මේ සිංහල අපගෙ රටයි!

ශ්‍රී ලංකාව සිංහලයින්ගේ නිජබිමයි. එමෙන්ම ලෝකයේ ඇති සිංහලයින්ගේ එකම නිජබිමත් ශ්‍රී ලංකාව පමණමය. එම නිසා සිංහලයින්ට තම එකම මාතෘ භූමිය රැක ගැනීම සඳහා සිය උර මත රැඳුණු භාරධූර වගකීමක්, ඒ සඳහා අයිතියක් හා සියල්ලටම වඩා ඉමහත් වගකීමක් ඇත්තේමය. මන්ද යත් ඔබ අද මේ පය ගසා ඇති බිම ඔබට දිනා දුන්නේ වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, මොනරවිල කැප්පෙටිපොල, හඟුරන්කෙත ඩිංගිරාල, වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවට්තේ ගුණානන්ද නාහිමි ආදී සුවහසක් ගිහි පැවිදි හෙලයන්ගේ රුධිරයෙනුත් ප්‍රාණ වායුවෙනුත් වන බැවිනි. 

හෙලයින් වූ අපගේ සියොලඟ දුවන්නේ ඒ පෙර සිහලුන් මේ බිම වෙනුවෙන් හෙළූ රුධිර ධාරාවයි, මුවඟින් නැඟෙන්නේ ඒ සිහලුන් මේ බිම අපට උරුම කරදීමට අප වෙනුවෙන් හෙළූ ප්‍රාණ වායුවයි. ඉඳින් එසේ දිනාගත් මේ බිම මතු බිහිවන හෙලයින්ටද උරුම කර දීමට අප සැම දිවිහිමියෙන් ක්‍රියාකල යුතුවන්නේ  පෙර හෙලයින් දිවි හිමියෙන් රැකගත් හෙලයින්ට ඇති එකම නිජ බිම, මවු බිම මේ බිම පමණක්ම වන නිසාය. අතීතයේ සිටම මේ පින් බිම වැනසීමට පාන්ඩ්‍ය, කේරල, චෝල, සොලී, පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විවිධ විජාතීන් යත්න දැරුවද ඒ සෑම විටම මේ පින් බිමේ පස් පිඩක් වත් ගිලිහී නොයන්නට රන් වැටක් සේ, දේශයේ මුර දේවතාවන් සේ මේ බිම සුරැකියේ හෙලයින්මය.

වසර දහස් ගනනක් මෙසේ සුරක්ෂිත කර ඔබට මට ජන්ම දායාදයක් ලෙස ලැබුන මේ මව් බිම සුරැකීමේ වගකීම හා යතුකම අප සතු වන්නේමය. හෙලයින්ට, හෙල බිමට විරුද්ධව නැගෙන සියළු බලවේග සුණු විසුණු කිරීමට නොපමාවම පෙලගැසෙමු. වැදූ මවත් දිනූ බිමත් දිවි දෙවැනිකොට සුරකිමු!


නිදහස මහ මුහදක්                  වේ
එහි උල්පත පුත නුඹ                වේ
ඒ බව සිහිකොට මෙලො          වේ
යුතුකම ඉටු කළ යුතු               වේ

තුදුස් වසක් වල් වැදි                 ලා
සිට දෙමළුන් බල බිඳ               ලා
පුරඳුරු සිරි ඇර පා                   ලා
ලක එක සේසත් නඟ               ලා

ජාතික රණ දෙරණ ම             තේ
ගැටී වැටී මළ මොහො            තේ
සුනදර සුරඹුනගේ අ               තේ
නැළවෙන බව සිතනු පු           තේ

අවිචියේ කප් දහසෙ                  ත්
වහල් කමේ එක් දවසෙ             ත්
වෙනසක් නැති බව සිතතො       ත්
උඹට පුතේ වැඩ සැලසෙ           ත්

තමන් ලැබු දිවි පවෙ               තේ
කොටසක් රට සමය වෙ          තේ
පුද නොකළොත් නුඹෙන් පු     තේ
මෙ ලොවට කිසි පලක් නැ       තේ

ජාතිය රන් විමනක්                 වේ
ආගම මිණි පහනක්                 වේ
එය රැක ගන්නට මෙලො         වේ
සමත් වෙතොත් පුත නුඹ          වේ

වැද යුධ බිම නොම බිය              වී
විහාර මහ රජ දේ                      වී
පෑ විමන් සැටි සිහි                      වී
මගේ පුතා ඔද වේ                      වී

සිය රට ගැන ළය උණු               වී
වැද මහ මුහදට බිලි                   වී
ආ ඒ කැළණියේ දේ                  වී
මගේ පුතා නළවා                      වී

සිය රට ගළවමියි සි                 තා
දිවි දුන් සැඬ රුපුන් වෙ            තා
සෝමා දේවිගෙ පුව                 තා
ඉගෙන ගනින් මගේ පු             තා

ලක් වැසියන් කෙරෙහි නැ         මී
අරහත් මහ මිහිඳු හි                  මි
පෙව්වෙ උතුම් සදහම්               මී
පුත නුඹටත් පොවමි එ              මී

එදා පටන් මෙසිරි ල               කේ
සම්මා සම් බුදු මැණි               කේ
දම් එළියෙන් අඳුරු මැ            කේ
මිසදුටු විසකටු නො රැ            කේ

1 comment:

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න