Tuesday, February 8, 2011

මහ වැසි මැදින් ත්‍රිකුණාමලයට...


ඊයේ ත්‍රිකුණාමලය නගරයට යෑමට යෙදී තිබුනා. පසුගිය දින කිහිපය පුරාම ඇදහැලෙන ධාරානිපාත වර්ශාව නිසා මාර්ගය ඉතා අබලන් වෙලයි තිබුනෙ. අප යන විටත් තඹලගමුව ප්‍රදේශය ජලයෙන් යටවෙලයි තිබුනෙ. වැස්ස නම් නොකඩවාම ඇදහැලුනා. ඉබ්බාගමුව සිට ඕමාරගොල්ල, ගලේවෙල දක්වාත් මාර්ගයට වැස්සෙන් හානි වෙලා. දඹුල්ල සිට කන්තලේ වැව දක්වා මාර්ගයට හානියක් වෙලා නෑ. කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වාම මාර්ගය ඉතාම අබලන් වෙලා. සමහර ස්ථාන වලින් මෝටර් රථ වැනි උස නැති වාහන වලට ගමන් කරන්නත් බැරි තරම්. නමුත් බස් රථ නම් ධාවනය වෙනව. මේ ගමනෙදි ගත්ත ඡායාරූප පෙලක් තමයි මේ.

කන්තලේ වැව පිරී ඇති අයුරු

කන්තලේ වැව

කන්තලේ ජල පවිත්‍රාගාරය

ගස් වල කරටියටම වතුර

මේ ගහත් යටවෙලා
වැස්සෙන් පාර හොඳටම අබලන් වෙලා. සමහර බෝක්කු කැඩිල, ගිලාබැහැල. වාහන ධාවනයට බොහොම භාධා ඇතිවෙලා. සමහර වාහන ඒ අතරෙ අනතුරු වලටත් පත්වෙලා.
ලෝඩ් එක එක්ක වලකට වැටුන ලොරියේ දුනු මිටියක් කැඩිල

ගොඩගන්න විදියක් නැති හැඩයි

A6 ප්‍රධාන මාර්ගය

දිගටම පාර මෙහෙමයි

බස් එකට නම් ගියෑකි


අපිත් ගොඩවුනා

බෝක්කුව කැඩිල

මාර්ගය දෙපස ජලයෙන් යටවෙලා

වැලි කොට්ට දාල පාර බේරගන්න

















































වලවල් ඉවරයක් නෑ












තඹලගමුව ප්‍රදේශය

නිවාසත් ජලයෙන් යටවෙලා

පාර දෙපැත්තෙම වතුර








































අපි ගිය වාහනේ

ත්‍රී.මලේ ෆයිනස් වැවූ වෙර උද්‍යානය

ෆයිනස් ගස් අතරින් මහ මුහුද

ත්‍රිකුණාමලය මුහුද

ත්‍රිකුණාමලය මුහුද

ත්‍රිකුණාමලය මුහුද












































































අපේ TOYOTA HILUX 107 4X4 රථය කන්තලේ වැව් බැම්ම උඩ ඉඳන්














අපි ගියේ 4X4 වාහනයක නිසා ගමන එච්චර දුශ්කර උනේ නෑ. නමුත් මේ පලාත් වල සාමාන්‍ය ගමනාගමනය බොහෝදුරට අඩාල වෙලා. ජන ජීවිතයත් අඩාල වෙලා. ඉතින් මේ අවුල් වුන ජන ජීවිතය යලි නගා සිටුවන්නට ඒ වගේම අබලන් වූ මාර්ගයන් යලි පිලිසකර කිරීමට අපට හැකි අයුරින් දායක වෙමු.

7 comments:

  1. Ubala Kawadda Giye? Pissu hadenawa neda

    ReplyDelete
  2. Patta gathi naeda...I meant the tour...

    ReplyDelete
  3. රටට වින කළ අරුම නර කැළ
    සැපට පු‍ටු වල අද හිදී
    උන්ව රජකළ සිහින දු‍ටු ජන
    සිතුම් වැස්සෙ ගුලි වෙතී
    දන්නෙ නැහැ උන් වැස්සෙ සීතල
    හොද කබා උන් පොරවතී
    කොයිද ගානක් උන්ට ජන හද
    මැවූ කදුළැලි පෙන්වතී
    වින්දෙ නැති උන් නියන් හීතල
    ඉන්දවන රජ පු‍ටුවෙහී
    මෙවන් ජාතිය දොවා සෝදා
    නිදා හිදීද වැහි දෙවී

    ReplyDelete
  4. වැස්ස වැස්සත් මහින්ද නියඟෙ ආවත් මහින්     ද
    මිල වැඩි වූවත් මහින්ද ලාබෙට දුන්නත් මහින්   ද
    චන්ද්‍රිකාට ඒ කාලේ පායනකොට මතක නැද්   ද
    නියං කුමාරිය කීවා මේ වගේම මතක නැද්       ද

    වැරදි ඇත ඔබගෙත් මගෙත් ඔහුගෙත් ඇගෙ    ත්
    හුණු ටික ටික ඇත කිල්ළෝට වල කාගෙ        ත්
    එබැවින් හිතලා ඒගැන අයෙ ආයෙ                 ත්
    දුර්මත හෙලලා ණුවනැස පාදාගන්න ඔබෙ     ත්

    ReplyDelete
  5. Herath sahoth nuwanesa padawa gena balanna...

    ReplyDelete
  6. නුවණැස දුන මැන පාලකයින් හට
    ප්‍රේමය දුන මැන අත වැස්සන් හට
    සිනහව දුන මැන දුගී දනන් වෙත
    නැතුවත් කම් නැත මට ඔය නුවණැස

    ReplyDelete
  7. නුවනයි බලයයි සරස්වතියි ලක්ෂ්මියයි ව   ගේ
    ප්‍රේමය නම් හොඳයි කාටත් එකව               ගේ
    දුගියාටත් ධනවතාටත් සිනහාව අ               ගේ
    නුවනැස නම් අප කාටත් බොහොම අ        ගේ

    යනවා ට්‍රින්කො මං අයෙත් හෙට අනිද්    දා
    ඡායා රූප ගෙන එන්නම් එහි නොවරද්   දා
    පාර හදල නැත්නම් තාරත් වද්               දා
    ඔට්ටුයි බිත්තියේ හිස ගන්නව වද්            දා

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න