Tuesday, February 15, 2011

ම්ගේ කුළුඳුල් පරිවර්ථනය දොරට වැඩි වගයි...

 
මේ දවස එනකං මං ඇඟිලි ගනිමිනුයි බලා හිටියෙ. ඒ දවස අද උදා උනා. නමුත් අද දවසම මෙහාට විදුලිබලය තිබ්බෙ නෑ. දැන් තමයි සැපයුම ලැබුනෙ. ඒ ලැබිච්ච ගමන් කෙලින්ම ගියේ 'බයිස්කෝප් සිංහලෙන්' සයිට් එකට. එතකොට දකින්න ලැබුන දේ දකින්න තමයි මං බලාගෙන හිටියෙ. 

මේ කතාව පටන්ගත්තෙ මීට මාස තුන හමාරකට විතර එහා දවසක. www.baiscopelk.com ලගෙ කෘතහස්ථ කටයුත්ත දැකල මටත් හිතුන ඒ සඳහා අංශු මාත්‍රයකින් හරි දායක වෙන්න ඕනෙ කියල. ඉතින් මාත් තීරනය කලා චිත්‍රපටයකට සිංහල උපසිරැසි සම්පාදනය කරල දෙන්න.

මේකට ඉතින් මොන චිත්‍රපටයද තෝරාගන්නෙ කියල කල්පනා කරනකොට මට මුලින්ම හිතුනෙ Will Smith වගේ කට පුරා කුනුහරප කියන නළුවෙක් රඟපාන චිත්‍රපටකට සිංහල උපසිරස දාන්න ඕනෙ කියල, මොකද සිංහලෙන් කුනුහරප කියද්දි මාර ගැම්මක් නෙ හිතට, ගතට එන්නෙ... :)  ඒත් මේක මගේ පළමු පරිවර්ථන කෘතිය නිසා පුදනකොටම කාපි යකා කියල එහෙම දෙයක් කරන එකත් හොඳනෑ කියල හිත හිත ඉද්දි රූපවාහිණී වැඩසටහන්ක් මගේ නෙත ගැටුනා.

ඒකෙ හිටියෙ මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිනිය. එතුමිය සිය ජීවන අද්දැකීම තුලින් වර්ථමාන තරුණ පරපුරට කිසියම් උපදේශනාත්මක වැඩසටහනකුයි කලේ. ඒ අතරෙ ඇය To Sir, with Love කියන චිත්‍රපටය ගැන සඳහන් කලා, මාත් ඉතින් චුල්ල සිටුතුමාගේ බස් ඇසූ චුල්ලන්තේවාසික වගේ මේ චිත්‍රපටය මොකක්ද කියල එවෙලෙම බාලම බැලුව. පැරණි චිත්‍රපටයක් උනත් බැලින්නම් මේකෙ ගැබ්වෙලා තියන අදහස කාලත්‍රයටම අකාලිකව ගැලපෙනව. මම එවේලෙම හිතාගත්ත මේකට සිංහල උපසිරැසි සකස් කලොත් වැඩි දෙනෙක්ගෙ යහපත සඳහාම ඒක හේතුවෙනව, හුදු හාස්‍ය රසයක් පමනක් බෙදාගන්නවට වැඩිය කියල.

ඉතින් මං වැඩේ පටන්ගෙන මාස දෙකක් තිස්සේ සිංහල යුනිකෝඩ් පේලි එක්දහස් දෙසිය දාහතරක් ටයිප් කරල මගේ අරමුණ කරා ලඟා උනා. ඊට පස්සෙ අවසන් කරපු උපසිරැසි www.baiscopelk.com එකට භාරදුන්න දැනට සති දෙකකට විතර කලින්. එදා ඉඳල මං ඇඟිලි ගනිමිනුයි හිටියෙ මගේ කුළුඳුල් කෘතිය www.baiscopelk.com තුලින් එලිදකින තුරු. මොකද ඒයාල දවසකට එක චිත්‍රපටය බැගින් නෙ දාන්නෙ.

ඔන්න ඒ දවස අද උදාඋනා. මට හරිම සතුටක් ඇති උනේ මගේ කුළුඳුල් පරිවර්ථන කෘතිය මේ ආකාරයට www.baiscopelk.com ඵල කරල තිබුන දැක්කහම, ඒ වගේම ගොඩක් අය මේ චිත්‍රපටය බලල දාල තියන කමෙන්ට් දැක්කහම. ඒ සතුට කවදාවත් කීයකටවත් මිලදීගන්න බැරි අමිල හැඟීමක්. එවන් මහඟු අවස්ථාවක් මට ලබාදුන් www.baiscopelk.com එකේ වාසල සොහොයුරා ඇතුළු කාර්යමණ්ඩලයටත්, චිත්‍රපටය සම්භන්ධයෙන් ඉතා කදිම අටුවාවක් සකසා දුන් උදා සොහොයුරාටත්, මේ චිත්‍රපටය නැරඹා comment ලබාදුන්,නොදුන් සෑම සහෝදර සහෝදරියකටමත් මගේ භක්තිපූර්ව ස්තූතිය පිරිනමමි.

4 comments:

  1. Ela will try my best to see the movie :)

    ReplyDelete
  2. To Sir, With Love (1959) ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නේ... මම මුලින්ම පොත තමයි කියෙව්වේ...ඊට පස්සේ ෆිල්ම් එක හොයාගෙන බැලුවේ... ඇත්තටම හැමෝම බැලිය යුතු ෆිල්ම් එකක් මේක...
    මම පොත බැලුවට පස්සේ ඒ ගැන පොඩි පෝස්ට් එකක් ලිව්වා ඒ දවස්වලම...
    http://goo.gl/co8S

    තවත් ෆිල්ම් එකක් ඉක්මනින්ම උපසිරැසි එක්ක බලාපොරොත්තුවෙනවා අපි.....!!

    ReplyDelete
  3. නියම ෆිල්ම් එකක්. සිංහල සබ් හරහා මේ වගේ ෆිල්ම් අපේ චිත්‍රපටි රසිකයො අතරට යන එක මාර වැදගත්. ගොඩක් දෙනා මේවගේ එකක් නොබලන්නෙ එක්කො පැරණි නිසා, නැත්තං කළුසුදු නිසා, නැත්තං භාෂාව බෝරිං වීම නිසා... ඒ වුණාට සිංහලෙන් චිත්‍රපටිය තේරුම්ගැනීමේ හැකියාව ලැබීමත් එක්ක ඒ ප්‍රශ්ණ අමතක වෙලා චිත්‍රපටිය බලන්න ඕනෙ කියන හැඟීම හිතට එනවා..

    දිගටම මේ වැඩේ කරගෙන යමු... විල් ස්මිත් අයිය කුණු හරුප කිව්වට
    එයා ‍වීරයනේ... ඒවටත් සිංහල දාමු... :D

    ආ... මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් හොඳයි නේ... :D

    ReplyDelete
  4. මේ ගැන ඔයාලගේ වටිනා අදහස් මාත් එක්ක බෙදාහදාගන්න එකතු උනාට බොහොම ස්තූතියි. ඔන්න hare කීව වගේම වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලා ඔයාලගෙ වටිනා කාලය ඉතුරු කරන්න.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න