Sunday, May 8, 2011

මාගේ ස්වාමී වූ උතුම් ශ්‍රී සම්බුද්ධ රත්නයේ අනන්ත ගුණ මෙසේ වන සේක


ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, දෝස, මෝහ මුල් කොට හටගන්නා, වූ සිත කිළිටි කරන්නාවූ කෙලෙස් වලින් සම්පූර්ණයෙන් ම මිදුන සේක. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් නම් වනසේක. 

උතුම් වූ චතුරාර්ය සත්‍ය තමා විසින් ම අවබෝධ කරගත් බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

සම්මා දිඨ්ඨියෙන් ඇරඹී අරහත්වයෙන් අවසන් වන විද්‍යාව තුල සෑම ක්ෂණයකම හැසිරුන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරන සම්පන්න වන සේක. 

ආර්ය අශ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කර නිවන් අවබෝධ කල හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වනසේක. 

සියලු ලෝක වල දැනගැනීමට ඇති සියලු දේ ඉඳුරාම දැනගත් බැවින් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

පුද්ගලයන් හික්මවන්නන් අතර ශ්‍රේෂ්ඨතම ලෙස පුද්ගලයන් හික්මවූ බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී නම් වන් සේක.

සසර නැමති කතරින් එතෙර වීමට දෙවියන්ටත් මිනිසුන්ටත් නිවැරදි මඟ පෙන්වන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සත්තා දේවමනුස්සානං  නම් වන සේක.

තමා විසින් අවබෝධ කරගත් දේ අන් අයට අවබෝධ කරවන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වනසේක.

එවන් වූ අපරිමිත ගුණ දරනා බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වන සේක.

එසේ අනන්ත ගුණ දරන්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඉන්ද්‍ර ඛීලයක් විලසින් ශ්‍රද්ධාව ඇතිකරගනිමු.
තෙරුවන් සරණයි!

5 comments:

  1. නවඅරහාදී බුදුගුණබලෙන් සියලුලෝසත්වයින්ට යහපතක්ම වේවා!!

    ReplyDelete
  2. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..............

    ReplyDelete
  3. Saadoo... Saadoo... Saadoo...

    ReplyDelete
  4. සහෝදරයා..ඔබ අප වෙනුවෙනුත්..බුදු දහම වෙනුවෙනුත්..මේ කරන්නේ අපරිමිත මෙහෙයක්...
    මෙම සද්කාර්යය ඉහලින් අගය කරමි.

    ReplyDelete
  5. @ නදී,
    ප්‍රාර්ථනාවයි, ක්‍රියාවයි එකතු උනාම යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි.

    @ මංචි හැඟුම්,
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ...

    @ Anonymous,
    අඳුරගත්ත කවුද කියල...

    @ - නිල් අහස -,
    බොහොම ස්තූතියි සහෝදරය. උතුම් වූ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඔබේ තිබෙන ශ්‍රද්ධාව ඔබට යහපත පිණිස හේතුවෙනවාමයි. යහපතක් ම වේවා!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න