Sunday, June 5, 2011

සිව් මසකට පසු යලිත් ත්‍රිකුණාමලයට...


මං කලින් වතාවෙ ත්‍රිකුණාමලයට යද්දි රටේ හැම තැනටම වැස්සෙන් බොහොම අලාභහානි වෙලා තිබුනෙ. කන්තලේ ඉඳල ත්‍රිකුණාමලය දක්වා මහාමාර්ගයය වාරි මාර්ගයකටත් වඩා අන්ත වෙලා තිබුනෙ. ඕමාරගොල්ල ප්‍රදේශයෙත් මාර්ගය බොහොම අබලන් වෙලයි තිබුනෙ. මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් ගංවතුර නිසා ජලයෙන් යටවෙලයි තිබුනෙ. ඔය සිද්ධිය වෙලා මාස හතරකට විතර පස්සෙ ඊයෙ ආයෙත් හදිස්සියෙම ත්‍රිකුණාමලයෙ ගියා.

ඒ ගමනෙදි අපට දකින්න ලැබුනෙ මීට මාස හතරකට කලින් ගංවතුරෙන් බොහොම අබලන් වෙලා තිබුන මාර්ගය යථා තත්වයට පත් කරල තිබුන ආකාරයයි. එදා දකිද්දි පාරක් ද කියල හොයාගන්නවත් බැරිව තිබුන පාර දැන් කාපට් අතුරා නැවත යථා තත්වයට පත්කරල. නමුත් තවමත් සමහර තැන් ප්‍රතිසංස්කරනය කරමිනුයි තියෙන්නෙ. එදා කන්තලේ ඉඳල ත්‍රිකුණාමලයට ලඟාවෙන්න පැය දෙකක විතර කාලයක් ගත වුනා අබලන් මාර්ගය නිසා. නමුත් අද විනාඩි 45කින් විතර මේ ගමන අවසන් කරන්න පුලුවන්. මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කලාම මේ ගමනට ගතවෙන්නෙ පැය භාගයකටත් අඩු කාලයක්. 

ඒ වගේම කන්තලේ ඉඳල හබරන-දඹුල්ල දක්වා මාර්ගය ඉතාම හොඳයි. වාහනත් අඩුයි, පාරත් කෙලින්. කාටවත් කරදරයක් නැතිව ඇඟේ පතේ හිරි ඇරෙන්න වාහනයක් පදවන්න ඕනෙ නම් ඔන්න පාර :). හදිස්සියෙම ගිය නිසා හොඳ කැමරාවක් අරන් යන්නත් බැරි උනා. පුලුවන් විදියට ඡායා රූප ටිකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.

මුහුදු වෙරලේ සුදු වැලි තලාව
ක්ෂිතිජය


විනිවිද පෙනෙන මුහුදු ජලය

සිප්පිකටු

ඈතින් පේන ත්‍රිකුණාමලය නගරය

දියඹ

රැල්ල මවන සුදු පෙන කැටි

ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

වැල්ලේ රටා මවන රැල්ල

දියට යටින් වැල්ල

පියසටහන්

වැල්ලේ කුරුටු ගී...

මේ අකුරු වලට යටින් දිවෙන කථාව කවුරු දනීද...

සුසුනිදු වැලි තලාව

සුසුනිදු වැලි තලාව

මල හිරු බැසයන යාමයේ

නගරයේ නිදැල්ලේ සැරිසරන මුවෙක්

කලපුවට එපිටින් බැසයන හිරු

කලපුවට එපිටින් බැසයන හිරු

ආපසු ගමන

නගරයේ මාර්ගය

පිලිසකර කල මාර්ගය

තවමත් පිලිසකර කරමින් පවතින මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

ගිය වර ලොරියක් එරී තිබූ ප්‍රදේශයේ මාර්ගය පිලිසකර කර ඇති අයුරු

වේගය

මග දෙපස

මග දෙපස

අග්බෝපුර ප්‍රදේශය

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

ජය පුර ප්‍රදේශය

මග දෙපස


දැන් නම් කළුවර වැටිලා


කන්තලේ වැවට උඩින් පෑයූ අඩසඳ

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගය

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගයේ පවනට බඳු වෙගයෙන් යන ලොරි 

13 comments:

  1. ඉර බැහැගෙන යන පින්තූර ටික මැක්සා... ඔහොම යන ගමන් හිමිට සින්දුවක් එහෙම අහගෙන ටිකක් හිතල බැලුවොත් දැනෙයි ජීවිතෙ හැටිත්. ;) කොච්චර ඇරලා ගියත් මොන තරං වාහන පහු කලත් ඉවරයක්‌ නෑ , ආයේ ඉස්සරහට මොකක් හරි හම්බවෙනවා. ගමනේ කෙලවර වෙනකන් ඔහොමමයි වෙන්නේ, හරියට අපේ ජීවිතේ වගේ, කඩාගෙන දිව්වට ඉවරයක්‌ නෑ,අපිට ඉස්සරහින් මොනවත් නැති කෙලින් පාරක යන්න ලැබෙන්නේ නෑ කවදාවත්. අන්තිමට මහන්සිය විතරයි,. වෙනසකට තියෙන්නේ මේ පාරේ අවසානේ තියෙන්නේ කොහේ හරි පොලව උඩ තැනක. අනිත් පාරේ අවසානේ තියෙන්නේ පොළවෙන් ටිකක් යට ;)

    ReplyDelete
  2. නියම ට්‍රිප සහ පින්තූර ටික. ඔය හරියෙ වැල්ල මාර සිනිදුයි නේද? ගියෙ නැද්ද කෝව්ලේ?

    ReplyDelete
  3. හොඳ පොටෝ ටිකක්...ස්තූතියි සටහනට...

    ReplyDelete
  4. මචං..ටී.බී..ඔයා ගිහිපු ට්‍රිප් එක.. අපිත් එක්ක බෙදා ගත්තට බොහෝම ස්තුතියි.
    පින්තූර ටික...සුපර්බ්. ඒ ටික බලාගෙන යද්දි ත්‍රිකුණාමලයට යනවා වගේ දැනුනා..

    ReplyDelete
  5. @ banda,
    >හරිම ලස්සනයි තමා ඉර බහිනකොට...
    >සින්දු අහන්න දඹුල්ලෙන් එහාට රේඩියෝ අහුවෙන්නෙත් නෑ...
    >140 ට වඩා වේගෙන් ගියෙ නෑ මචං...
    >කන්තලෙන් එහාට නම් වාහන හම්බෙන්නෙ අඩුවෙන්, ආපහු එද්දි වල්   අලි තුන්දෙනෙකුත් පාරෙ හිටියා...
    >ඒ දැනගනත් දිවිල්ලෙ ඉවරයක් නැති එකයි වැඩේ...

    ReplyDelete
  6. @ hare :-),
    වැල්ල නම් හරිම සිනිදුයි තමා, ඒ වගේම සුදුම සුදු පාටයි. කොවිලට නම් ගියේ නෑ

    ReplyDelete
  7. @ මාරයාගේ හෝරාව,
    :) හරියට කැමරාවක් තිබ්බෙ නෑ, නැත්නම් කන්තලේ වැව එහෙම ලස්සනට තිබුන. මේ ෆොටෝ වල නම් පැහැදිලි නෑ.

    ReplyDelete
  8. @ - නිල් අහස -,
    හ්ම් :), බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  9. ත්‍රිකුණාමලේ.
    අන්තිමට ගියේ දැනට අවුරුදු 8කට විතර කලින්. ඒ කාලෙනම් කොටිත් හිටියා. නිලාවැලි එහෙම සුනාමියට කලින් තමා අන්තිමට දැක්කේ. දැන් පාර එහෙම සෑහෙන්න වෙනස් වගේ. අර යකා වංගුව එහෙම දැන් පළල් කරලා නේද?
    අදයි මේ පැත්තට ආවේ. ආයෙම එන්නම්.

    ReplyDelete
  10. @ priyantha,
    ඔව් දැන් යකා වංගුව පලල් කරල හදලයි තියෙන්නෙ, පාරත් කන්තලේ දක්වාම කාපට් කරල තියෙන්නෙ, එතන ඉඳල ඉදිරියට තියන කිලෝමීටර් 35 ත් මේ දවස් වල හදනව. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට, සාදරයෙන් පිළිගන්නව. ආයෙත් ඇවිත් යන්න එන්න...

    ReplyDelete
  11. මම් යාපනේ නම් ගියා ට්‍රින්කො නම් ගිහින්ම නෑ,මම් හිතන විදියට මෙහෙ ඉදන් පැය 3ක විතර ගමනක්,ට්‍රින්කො වලට තියෙන්නෙ.දවසක යන්න ඕනෙ.පින්තූර ටිකනම් හරි අගෙයි.අර පියසටහන් යෝධයෙක්ගෙ වෙන්ටැ.ඔච්චරම ලොකු.

    ReplyDelete
  12. @ නදී,
    ඔයාලට ට්‍රින්කො යන්න පැය දෙකක් වත් යන්නෙ නෑ (අපිත් පැයතුනෙන් යනව) මිහින්තලේ හොරොව්පොතාන හරහා යන එක ඔයාලට ලඟයි. වෙලාවක යන්න, නිලාවැලි වෙරලත් හරිම ලස්සනයි. ආ, ඔව් ඒ පියසටහන් එකුන් හතර රියන් යෝධයෙකුගෙ... :D

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න