Monday, August 22, 2011

                                               ඉඩෝරය...

නිරුදක මහ පොලොව ඉරිතලා
නිලට දිලුන කෙත්වතු පඬු පැහැ වෙලා
දනන් තුඩ තුඩ රැඳුන හසරැලි සැඟවිලා
සතා සිව්පා කුරුළු කොබෙයි මුළුගැන්විලා
එහෙත්...
දිනිසුරු නැත කිසිත් කරුණා
නුඹ ගැබ නොමැත මේකුළු අරා
නිශාව රජයයි තුරු කැළ නොබා
නල නැති ලොවම නිසලයි සදා 
නවතින්න...
දිනිඳු ඔබැ රුව සඟවාගන්න
මද නල අහසෙ මේකුළු පුරවාලන්න
හැම සතුනගෙම පවස සනහන්න
සොබා දිනිතිය වැසි බිඳක් සලන්න...
-ටී.බී-


23 comments:

  1. අපිටනම් ඕන තරම් වැස්ස..

    ReplyDelete
  2. මෙහෙටත් වැස්ස

    ReplyDelete
  3. @ Gimhani & banda.. පුලුවන්නන් තිලිනගෙ ගෙදරට ලොකු වතුර බූලි 2ක් වත් ගෙනත් දෙන්ට.. එහෙ ලිදේ අඩියක් තරන්වත් වතුර නෑ.. ඒ දුකටයි ඔය වදන් ගලපන්නෙ..

    ReplyDelete
  4. Blog liwwa mada!!!
    Dan site eka hadamu!!!!

    ReplyDelete
  5. @ Gimhani, banda,
    ආකහේටත් අමුකැවිලද කොහෙද කොංකිරිට් වනන්තරේට වැහි වස්සන්නෙ, අහස් වැස්සෙන් ගොවිතැනක් බතක් කරන අපිව අමතක කොරල...
    මේ නෝක්කාඩුව ඇහිලද කොහෙද ඔන්න අද ටිකක් වැස්ස :)

    ReplyDelete
  6. @ සචී ප්‍රබුද්ධ,
    ආ ඒක නම් ඇත්ත මචන් ලබන සතියෙ ලිඳට කැට දෙකක් බස්සන්නයි ඉන්නෙ, උඹටත් නොවැරදීම කියන්නම්... ;)

    ReplyDelete
  7. @ Anonymous,
    මම ඊයෙ සයිට් එක හදල උඹට එව්ව, පොඩ්ඩක් ලියුම් පෙට්ටිය බලපන්... :)

    ReplyDelete
  8. ළිං වලට කැට බස්සද්දී බලාගෙන වතුර වැඩි වෙන්න පුළුවන්.

    ReplyDelete
  9. @ banda,
    වතුර නං වැඩි වැඩියෙං තියෙන තරමට හොඳයි...

    ReplyDelete
  10. හ්ම්......අපිට නම් තාම වැස්සක් නෑ

    ReplyDelete
  11. අපිත් වැස්ස බලාගන ඉන්නෙ,තාම වැස්ස නෑනේ.

    ReplyDelete
  12. ඉස්සෙල්ලම කියන්න ඕන පද වැල නම් අගෙයි.
    මේ ආයාචනාවට වැස්ස වලාහක දෙවියන් උදව් නොකර ඉන්න එක්ක නෑ..මගේ හිතේ.

    ReplyDelete
  13. @ ayesha,
    ඔයාලට නම් කලා වැව හරි තියනවනෙ..., අපටත් පොඩි පොදක් ගියා විතරයි.

    ReplyDelete
  14. @ නදී,
    වැව් බැඳි රටේ ඔයාලට නම් ඕන තරම් වැව් තියනව නෙ, ලබන මාසෙ මැදක් වෙනකල් වහින එකක් නෑ...

    ReplyDelete
  15. @ - නිල් අහස -,
    ටික දවසකින් නේද මේ පැත්තට ගොඩවැදුනෙ, සතුටුයි නැවත හමුවීම.
    ඔව් ස්වභාවධර්මය එතරම් අකාරුණික වෙන එකන් නෑ...

    ReplyDelete
  16. නව කුරුනෑගල යුගයේ කවියේ, සොදුරු පබැදුමක්.......
    සීපදාකාරයේ නිසදැසක්....
    මෙහෙ හරි වැස්ස,

    ReplyDelete
  17. @ sajith,
    ශෛලිය කාල නිර්නයටත් නාමකරනයටත් ලක් කරාට බොහොම ස්තූතියි. ඔහෙට වහින එකේ අග්ගිස්සෙන් අපටත් පොඩි පොදක් වැටෙනව මේ දවස් වල... :)

    ReplyDelete
  18. ඔයා කොහොමද දන්නෙ මම ඉන්නේ කොන්ක්‍රීට් වනන්තරේද කියල

    ReplyDelete
  19. @ Gimhani,
    ඔයාගෙ නමට ක්ලික් කරපු ගමන් ඒක දැනගන්න පුළුවන්... :D

    ReplyDelete
  20. සුපුරුදු ඉරිදා post එක කෝ..?

    ReplyDelete
  21. @ සචී ප්‍රබුද්ධ,
    මම අනුරාධපුරේ නෙ හිටියෙ මචන්, ඒකයි ලියන්න බැරි උනේ. ඉක්මනටම අලුත් ලිපියක් දාන්නම්.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න