Monday, August 15, 2011

ක්ෂුද්‍ර තරංග උඳුන (Microwave Oven)



ක්
ෂුද්‍ර තරංග උඳුන බොහෝ විට ඔබ එදිනෙදා භාවිතයේදී ආහාර රත්කරගැනීම සඳහා භාවිතා කරයි. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ මදකට සිතා බැලුවාද?
ක්ෂුද්‍ර තරංග උඳුනක න්‍යාය වන්නේ ඔබේ ආහාරයේ ඇති ප්‍රධාන වශයෙන් ජල අණු අනුනාද වීමට සලස්වා එමඟින් තාපය නිපදවීමයි. කෘතකම්පනයේ විශේෂ අවස්ථාවක් වන අනුනාදය නැමති සංසිද්ධිය ඇතිවන අයුරු සරළව දක්වන්නේ නම් මෙහිදී සිදුවන්නේ, ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතයට අනුව ජල අණු චලනය වීමයි, මෙසේ 'අනුව චලනය වීම' නැතහොත් 'අනුව නාද වීම' අනුනාදය ලෙස හඳුන්වයි.

මේ සිද්ධිය ඔබ එදිනෙදා අත්විඳ ඇතුවාට සැක නැත. උදාහරණයක් ලෙස පාරේ වාහනයක් යන විට නිවසේ ඇති ජනෙල් වීදුරු කම්පනය වනවා ඔබ දැක ඇත. එය සිදුවන්නේ අනුනාදය නිසයි. එනම් වාහනයෙන් නැගෙන කිසියම් සංඛ්‍යාතයක් අනුව වීදුරුව කම්පනය වීමයි. වස්තූන් මෙසේ අනුව නාද වන සංඛ්‍යාතය එම වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතය ලෙස හඳුන්වයි.

මේ සඳහා මෙම උඳුන් වල භාවිතා කරන්නේ සංඛ්‍යාතය 2.5GHz  පමන වන ක්ෂුද්‍ර තරංගයි. ඉහතින් දක්වා ඇති විද්‍යුත් චුම්භක වර්ණාවලියේ පරිදි මේ තරංග වල තරංග ආයාමය කුහුඹුවෙක් පමන (1cm ට අඩු ) වේ. එකී වත්කම් ඇති ක්ෂුද්‍ර තරංගම මේ සඳහා විශේෂයෙන් යොදාගෙන ඇත්තේ මේ සංඛ්‍යාතයේදී ජල අනු අනුනාද වන නිසාත්, ප්ලාස්ටික් වීදුරු සෙරැමික්.. අනු මෙම සංඛ්‍යාතයේදී අනුනාද නොවන නිසාත් ය. සරලව දක්වන්නේ නම් එම සංඛ්‍යාතය භාවිතා කිරීම නිසා ආහාරය රත්වන අතර ආහාරය අඩංගු භාජනය රත්වන්නේ නැත. එසේ ජල අනු පරමාණුක චලිතයකට ලක්වීම නිසා තාපය ලෙස ශක්තිය මුදාහරී. ඕනෑම පදාර්ථයක් 'රත්වෙනවා' යැයි කියන්නේ එහි ඇති අනු වල චලිතය වැඩි වීමයි.

උදාහරණයක් ලෙස ඔබ යකඩයක් ගිනිදැල්ලකට අල්ලා රත්කරනවා යැයි සිතන්න. එහිදී ගින්න මඟින් යකඩයේ අනු වෙතට තාප ශක්තිය ලබාදෙයි. ඒ ශක්තිය ලබාගන්නා යකඩ අනු සිය චලිත වේගය වැඩිකරගනී (ඕනෑම  පදාර්ථයක අනු සෑම විටම චලනය වෙමින් පවතී. බුදුරජානන් වහන්සේ දේශණා කර ඇති පරිදි වස්තූන්ගේ අනිත්‍ය ස්වභාවය එනම් නිශ්චිත අයුරකින් පවතින්නේ නැති බව මේ මඟින් සක්සුදක් සේ පැහැදිලි වේ. ඔබ යකඩයක්, ගලක්, මිනිසෙක්, වාහනයක්... ලෙස හඳුනාගන්නා එනම් සඥාව උපදවාගන්නා භෞතික වස්තූන් කිසිවිටෙකත් නිශ්චිත අයුරකින් නොපවතී. ඒවායේ තැනුම් ඒකකයේ සිටම ඒවා නිතර වෙනස් වෙමින් චලනය වෙමින් නිශ්චිත නොවී එනම් අනිත්‍යව පවතී. එනම් ඔබ මේ මොහොතේ දුටු යකඩය, ගල, මිනිසා, වාහනය... ඔබට නැවත කිසිදාක දක්නට නොලැබෙන අතර එහි මේ ක්ෂණයේ තිබූ තත්වයට වඩා වෙනස් ආකාරයක් ඔබට ඊලඟ ක්ෂණයේදී දක්නට ලැබෙයි. නමුත් අප මේ භෞතික වස්තු උපාදානය කරගන්නා සැටිත්, සිතේ අනිත්‍ය ස්වභාවයත් වැනි ලෝකෝත්තර වූ කාරනාත් මෙතැනට උපයෝගී වේ. ඒ පිළිබඳව දීර්ග වශයෙන් විස්තර කිරීම මේ ලිපියේ අරමුන නොවේ). එවිට අප යකඩය රත්වූවා යැකි කියයි. මෙහිදී යකඩ අනු වලට ශක්තිය සැපයූවේ ගින්දර මඟිනි. නමුත් ක්ෂුද්‍ර තරංග උඳුනකදී මේ සඳා ඉහත සඳහන් කල විශේෂ අනුනාද වීමේ උපක්‍රමය භාවිතා කරයි. පහත සන්නිදර්ශණය මඟින් එය තවදුරටත් වඩාත් පැහැදිළි වෙයි.

ක්ෂුද්‍ර තරංග උඳුනක තාපන මූලාවයවය වන්නේ (Magnetron) නැමති කොටසයි. මෙමගින් ඉහත සඳහන් කල ආකාරයේ ක්ෂුද්‍ර තරංග නිපදවයි. මේ සඳහා අධිවෝල්ටීයතාවක් හා චුම්භක භාවිතා කරයි. 
Magnetron උපකරණයේ පැති පෙනුම
Magnetron උපකරණයේ පිටුපස පෙනුම

Magnetron උපකරණයේ ඉදිරිපස පෙනුම
ඉහත රූපයේ දැක්වෙන්නේ මේ කොටසේ ඉදිරිපස ඇති ප්‍රතිදාන ඇන්ටෙනාවයි. මෙම කොටස මඟින් ක්ෂුද්‍ර තරංග නිකුත්වීම සිදුවේ. මෙය ආහාරය දෙසට යොමු කර ඇත. මෙහි දැක්වෙන පරිදි නිවුම් වරල් (තහඩු පතුරු මෙන් ඇති කොටස්) දෙපසින් ඇත්තේ චුම්භක දෙකකි. පැතිපෙනුම රූපයේ මැද ඇති රිදී පාට කොටස මෙහි ඇනෝඩයයි. මෙය යකඩ සිලින්ඩරයක් වන අතර මෙහි අභ්‍යන්තරයේ කුටීර වලට බෙදා ඇත. මෙහි පිටුපස පෙනුමෙහි දැක්වෙන කොටස තුල කැතෝඩය අඩංගු වේ.  විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රයක් හරහා ඉලෙක්ට්‍රෝන චලිත වීමට සලස්වා මෙහිදී ක්ශුද්‍ර තරංග නිපදවයි.ක්ෂුද්‍ර තරංග මඟින් පිසින ලද ආහාර වල ආරක්ෂිත භාවය පිළිබඳව විවිධ මත පළවේ. කෙසේ නමුත් මේ අහාර විකිරණශීලී වීමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. නුමුත් ක්ෂුද්‍ර තරංග නිසා ආහාර වල රසායණික ව්‍යුහයේ යම් යම් වෙනස්කම් සිදුවිය හැක.

14 comments:

  1. Micro padhaarthaya winiwida yaama adunisa aahaara sampoornayenma nopisena bawa sathyakdha?

    ReplyDelete
  2. @ sajith,
    එහෙම වෙන්න ඉඩකඩ තියනව මචන්. සාමාන්‍ය ආහාර අඟල් තුන්කාලක් තුලින් ගමන් කරන විට තරංගයේ තීව්‍රතාව අඩකින් පමණ අඩුවෙනව. බොහෝ විට මේ උඳුන් භාවිතා කරන්නේ කලින් පිසින ලද ආහාර නැවත රත්කරගැනීමටයි. එමෙන්ම මේ උඳුන් වලදී ආහාර වල උශ්ණත්වය 100°C ඉක්මවා නොයන නිසා (ජලයේ වාශ්පීකරනයේ ගුප්ත තාපය නිසා) විශබීජ නාශනය ගැනත් සහතික වෙන්න බෑ.

    ReplyDelete
  3. ඔය මැග්නට්‍රොන් එක තිබ්බ විදිහටම හයි කරපන්.. නැත්තන් ඇතුලෙ තිබ්බ කෑම නෙමේ, එලියෙ ඉන්න මිනිස්සු ටික බේක් වෙයි පුතේ..

    ReplyDelete
  4. @ සචී ප්‍රබුද්ධ,
    බයවෙන්න එපා මචන්, මේක පිච්චුන එකක්... :)

    ReplyDelete
  5. Microwave Oven එකට දාල ගත්තහම කිරි එකේ රහ නම් වෙනස් වෙනවා...

    ReplyDelete
  6. @ තාරක Dilsh@n,
    ඔව්, කිසියම් රසායණික හෝ භෞතික ප්‍රතික්‍රියාවක් මීට හේතුවෙන්න පුලුවන්.

    ReplyDelete
  7. තවත් නියම පැහැදිලි කිරීමක්. මට මතකයි ගොඩක් ඉස්සර රූපවාහිනියෙ අධ්‍යාපන සේවයෙදි ආචාර්ය චන්දන ජයරත්න මහත්තය මේ වගේම මේ කතාව පැහැදිලි කරනවා. මේ වගේ ගෙදර දොරේ පාවිච්චි කරන උපකරණ වල තියෙන විද්‍යාත්මක පදනම ගැන ඔන්න ඔහොම ඉඳල හිටල හරි ලියමු! :D

    ReplyDelete
  8. @ hare :-),
    මටත් තවම මතකයි ඉස්සර ඒ ආචාර්ය චන්දන ජයරත්න්න මහත්මයගෙ වැඩසටහන. ඉස්සර රූපවාහිනියෙ ඒ වගේ වැදගත් වටිනා වැඩසටහන් තිබුන අපි ඒව හරිම ආසාවෙන් නැරඹුව, නමුත් අද නම් එවැනි වැඩසටහන් ඉතාම විරලයි. ගොඩාක් ස්තූතියි මේ පැත්තට ඇවිත් පැරණි සුන්දර මතකයක් අවධි කලාට.

    ReplyDelete
  9. mamath danne nethi dewal egena gatta.Thanx

    ReplyDelete
  10. @ Sasika,
    තවදුරටත් වැඩි විස්තර ඕනෙ නම් මගෙන් අහන්න, :)

    ReplyDelete
  11. thanks for sharing machan, good effort

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න