Sunday, May 22, 2011

කියනුය දිවා රැය, කියම් බුදු ගුණ අලංකාරය...


කු‍‍‍ළුණු මෙත් සත වෙ                       ත
පතළ නැණ සවපද රු                      ත
හෙළ කළ ලොවට සෙ                     ත
නිතර නමදිමු මුනිඳු සරණ                ත

ලංකර සසර හි                                 ම්
දුරුකර කෙලස් බිය ගි                      ම්
සිදු කළ යුතු උතු                             ම්
වදිම් නව ලොව් තුරා සදහ               ම්

කිසි කෙනෙකුන් පම                      ණ
නොකැළැකි තුණැති අපම              ණ
සතහට පිළිසර                               ණ
වඳිම් අදරින් අරී සඟ ග                   ණ

බව සිදු පසු රුව                             න්
අව බිය අඳුරු හි රුව                      න්
පිරි ගුණ මහ රුව                           න්
මෙසේ නමකර පුදා තෙ රුව          න්

කයනම් අසාර                               ය
බව නම් බයන් කාර                      ය
කියනුය දිවා රැ                             ය
කියම් බුදු ගුණ අලංකාර                ය

මහ කවි වරන් පෙ                         ර
පවසා නොපත් පරතෙ                  ර
සුගතිදු ගුණ ගැඔ                           ර
මේමා කියමි සිතනු වැරසැ             ර

සූවාසු දහස                                 ක්
යොඳුන් ගැඹුරැ'ති මුහුද                 ක්
ගොඩ කරමැයි උද                       ක්
ලෙහෙනු කළ තැන් වැන්න දවස   ක්

එතකුදු වත් සොඳි                         න්
පුරමී පිණක් නොමඳි                    න්
මුනිදු ගුණ මුහුඳි                           න්
බිදක් දක්වමි උදක් ඔකඳි              න්

නුවණැති යෙනි මෙ                     මා
බස ද්‍රෙස ඇතත් එද                     මා
දෙසවන් පුටන                            මා
පමා නොව ගනුව මුනි ගුණ          මා


උපුටා ගැනීම වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය කෘතියෙනි.
තෙරුවන් සරණයි!

7 comments:

  1. ලොකු දෙයක් කරලා තියෙන්නෙ ......... මේවා අපේ සම්පත් මේ විදියට හරි මේ දේවල් නොදන්න අය දැන ගන්න එක ලොතු දෙයක් .....

    ReplyDelete
  2. aaye aaye post karath kiyavanna vatinava :)

    ReplyDelete
  3. බුදු ගුණ..අලංකාරයි...සත්‍යයි..සදාතනිකයි.
    ඔබේ මෙහෙවරට නැවත මගේ ප්‍රණාමය.

    ReplyDelete
  4. @ කල්හාර දිසානායක,
    බොහොම ස්තූතියි.

    @ පබලු,
    ඇත්තෙන්ම, ඒ ආශ්චර්යවත් බුදුගුණ සැමටම යහපත පිණිසම පවතිනව.

    @ - නිල් අහස -,
    බොහොම ස්තූතියි. ඒ සත්‍ය වූ අනන්ත මහා බුදු ගුණ බලයෙන් සියළු සත්වයින්ට යහපතක් ම වේවා!

    ReplyDelete
  5. @පබලු:
    මටත් ඒකමයි හිතුනෙ...

    ReplyDelete
  6. හ්ම්... මේවා මෙහෙමවත් ලියලා මතක් කරන එක ලොකු සේවයක්

    ReplyDelete
  7. @ ayesha,
    මෙහෙම ලියල තියන බුදුගුණ අපේ හිත් වලත් ලියාගත්තොත් තමයි ඒ සේවය අර්ථවත් වෙන්නෙ...

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න