Tuesday, August 2, 2011

ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation)



කිසියම් විදුලි උපකරනයක විද්‍යුත් සැපයුම මඟින්  එම උපකරනයේ ප්‍රතිදානය පාලනය කල හැකි නම් එවැනි උපකරන වල ප්‍රතිදානය පාලනය කිරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක් ලෙස ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) හැඳින්විය හැක.

උදාහරණයක් ලෙස විදුලි බුබුලක් කෙරෙහි අවධානය යොමු කරමු. විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කරගැනීමට විදුලි බුබුලට සපයන වෝල්ටීය තාව අඩු වැඩි කල හැක. නමුත් මෙහිදී වෝල්ටීයතාව අඩු වැඩිකිරීමට කිසියම් විශේෂ යන්ත්‍රණයක් අවශ්‍ය වේ (ධාරී නියාමකයක්, විචල්‍ය ප්‍රතිරෝධකයක් හෝ අමතර බැටරියක් වැනි...)

නමුත් එවැනි යන්ත්‍රණයන් භාවිතය අපහසු/අකාර්යක්ෂම තැන් වලදී (උදාහරනයක් ලෙස සංඛ්‍යාංක විද්‍යුත් පරිපත (Digital Electronic circuit) ) අපට වෙනත් විකල්පයක් ලෙස මේ ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) යොදාහත හැක. මෙහිදී සිදුවන්නේ කුමක් ද?

අපගේ අවධානය නැවතත් ඉහත විදුලි බුබුල කෙරෙහි යොමුකරමු. එම විදුලි බුබුලට නියත විද්‍යුත් සැපයුමක් කඩින් කඩ ලබාදෙන්නේ යැයි සිතන්න. එවිට කුමක් සිදුවේද? සැපයුම ලැබෙන විට ආලෝකයත් සැපයුම නොලැබෙන විට අඳුරත් ඇතිවේ. මෙය සීඝ්‍රව සිදුවන විට සිද්ධිය සම්ප්‍රයුක්තයක් ලෙස අඩ අඳුරක් ඇතිවේ. එනම් සැපයුම කඩින් කඩ සැපයීමේ සීඝ්‍රතාව මත විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කල හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්විච්චයක් පමනි. පහත සන්නිදර්ශනය බලන්න,


ඉහත 1 අවස්ථාවේදී බැටරියට බල්බය ඍජුවම සම්භන්ධ අතර මෙහිදී බල්බයේ උපරිම දීප්තිය ලැබේ. 2 අවස්ථාවදී ස්විච්චයක් මගින් තරමක් අඩු සීඝ්‍රතාවයකින් සැපයුම භාධා කරයි. එහිදී බල්බයේ සම්ප්‍රයුක්ත දීප්තිය අඩුය. 3 අවස්ථාවේදී වඩා සීඝ්‍රයෙන් සැපයුම භාධා කරන අතර එහිදී බල්බයේ දීප්තිය 2 අවස්ථාවට වඩා වැඩිය.  ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) දී සිදුවන්නේ මේ සංසිද්ධියයි. 

මෙහිදී, ඒකක කාලයක් (T) තුලදී සැපයුම ලබාදෙන කාලය (T0) නම් ඒවායේ අනුපාතය (T0/T), කාර්ය චක්‍රය(Duty Cycle) ලෙස හඳුන්වන අතර එම අගය වැඩි වන විට ප්‍රතිදානය තීව්‍ර වන අතර(බල්බයේ නම් දීප්තිය වැඩි වේ) අඩු වන විට ප්‍රතිදානය මන්ද්‍ය වේ(බල්බයේ නම් දීප්තිය අඩු වේ) . පහත රූපය බලන්න,


ධාරා නියාමනය හෝ විචල්‍ය ප්‍රතිරෝධ භාවිතයට වඩා ස්විච්චීකරනය සංඛ්‍යාංක තාක්ෂණයේදී ඉතා පහසු කාරනයක් නිසා බොහෝ විට සං ඛ්‍යාංක තාක්ෂණයේදී තීව්‍රතා පාලනයට මේ ක්‍රමය යොදාගනී. මේ ක්‍රම්ය මඟින් බල්බයක දීප්තිය, මෝටරයක භ්‍රමණ වේගය, තාපන දඟරයක උශ්ණත්වය වැනි... සාධක පාලනය කිරීමට යොදාගත හැක. 

5 comments:

  1. පැහැදිලියි. ස්තූතියි............

    ReplyDelete
  2. @ Gimhani,
    මං හිතුව මං මේක පැටලුවාවත් ද කියල, එහෙම වෙනා නැති හැඩයි... :)

    ReplyDelete
  3. සක් සුදක් සේ පැහැදිලියි.. එල කිරි තිලින.. ඔහොම යන් ඔහොම යන්...

    ReplyDelete
  4. @ Anonymous,
    හොඳමයි..හොඳමයි..., මං හිතුවෙ මම මේක ටිකක පැටලුවද කියල, එහෙම වෙලා නෑ යන්තම්. ස්තූතියි.

    ReplyDelete
  5. ඔය තියෙන්නෙ නියමෙට විස්තර ඇතුව පැහැදිලි කරලා.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න